Thursday, May 2, 2024

රංග කලංසූරියගේ දෙබිඩි පිළිවෙත

Must read

Image may contain: 1 person , people sitting

මගේ සහෝදර මාධ්‍ය සඟයෙක් උදේ පාන්දර කතා කළේය. ඔහු කතා කළේ බොමෙ වේදනාවෙනි. ඇතැම් විට හම්බන්තොට මාධ්‍යවේදියකුට පහරදීම සම්බන්ධයෙන් මා ඊයේ දැමූ පෝස්ටුව කියවා කතාකරන්නට ඇත. නමුත් ඔහු කතා කරන්නට පටන් ගත්තේ එය නොකියවූ විලාසයෙනි.
ඔහුගේ වේදනාත්මක අදහස් එල්ල වී තිබුණේ ආචාර්ය රංග කලංසූරියටය. රංග කලංසූරිය යනු ඔහුගේත් මගේත් ගුරුවරයෙකි අප යම් යම් දේවල් තේරුම් ගන්නේ අප අත්දකින හා ඇසුරුකරන සමාජයේ ස්වරූපය හා අපේ ඇත්දැකීම් අනුවය.
මා රංග කලංසූරිය නම් මගේ ගුරුවරයා කියවා තිබුණේ මීට බොහෝ කලකට පෙරය. ඔහු කියන්න තියෙන දේ මූණටම කියන සෘජු ප්‍රතිපත්තියක් සහිත මාධ්‍යයේ පුංචිම තැනින් පටන්ගෙන මෙරට නොව ජාත්‍යන්තරයේ ද ඉහළම හිණි පෙත්තට ගිය පරමාදර්ශී චරිතයක් බව මගේ පිළිගැනීමයි. (වෙනත් අයට ඇති දැක්ම වෙනස් වුව ද මා එයට අභියෝග කරන්නේ නැත) ඔහු ගැන හොඳින් දන්නා මා ඔහු මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉහළම තනතුරට පත්වූ විට බෙහෙවින් සතුටට පත්වීමි.
අද මාධ්‍ය වැටී ඇති ඛේදනී්‍ය තත්ත්වයෙන් එය ගොඩගැනීමටනම් රංග කලංසූරිය එවැනි තැනක සිටිය යුතු බව මගේ පමණක් නොව අද උදේ මට කතා කළ සඟයාගේත් ක්ෂේත්‍රයේ බොහෝ දෙනකුගේත් මතය වී තිබිණි. නමුත් අද වනවිට ඊයේ ඔහු නිකුත් කළ පුවත්පත් නිවේදනක් පදනම් කරගනිමින් බොහෝ දෙනකු ඔහුට ඇඟිල්ල දික්කරති.
බැලූ බැල්මට එහි වරදක් ද නැත. ඒ නිසා ඔවුන්ගේ චෝදනාව වන්නේ රංග කලංසූරිය නාවික හමුදාපතිගේ වැරද්දක් කියා නැති බවයි. රංග පුවත් නිවේදනය නිකුත් කර ඇත්තේ නාවික හමුදාපති අපේ මාධ්‍ය සඟයාට පහරදෙන ආකාරය නොදක්නා විලාසයෙන් යැයි ඔවුහු චෝදනා කරති. ගැටුම් වාර්තාකරණ අවස්ථාවේ දී අනුගමනය කළ යුතු අාචාරධර්ම මොනවා දැයි ඔවුහු ප්‍රශ්න කරති. රංග රජයේ ඉහළ තනතුරක් දරන බැවින් දැන් ආණ්ඩුවේ කිළිටි සෝදනවා යැයි තවත් පිරිසක් කියති.
මේ සියල්ල ඔවුන් දකින්නේ තම අත්දැකීම් අනුව විවරණය කරමිනි.
සැබෑවකි. රංග කලංසූරිය යනු මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ රජයේ උසස්ම නිලධාරියාය.
ඔහුගේ පුවත්පත් නිවේදනයේ මාධ්‍යවේදියාට පහරදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව පැහැදිලිව දක්වා ඇත.
අපට අවශ්‍ය වන්නේ ද එවැනි පරීක්ෂණයකි.
නාවික හමුදාපති එම අවස්ථාවේ එතැන රාජකාරියක් සඳහා පැමිණි බව රජයේ ද නාවුක ක්ෂේත්‍රයේ ද භාවිතා කරන පාරිභාෂික වචන භාවිතා කරමින් ඔහු කියා සිටී. මේ සියල්ල සත්‍යය.
අපේ සඟයන් ඔහුට චෝදනා කරන්නේ මාධ්‍යවේදියාගේ ආචාරධර්ම සම්බන්ධයෙන් කතා කිරීම ගැනය. මේ ගැන මීට වඩා අප සංවාදයේ යෙදිය යුතුය. මාධ්‍යවේදියා ද රටේ සාමාන්‍ය පුරවැසියෙකි. නමුත් මාධ්‍යවේදියාට යම් සමාජ වගකීමක් හිමි කාර්යභාරයක් පැවැරී ඇත. එවැනි වගකීමක් තිබූ පලියට ඔහු සර්ව බලධාරී දෙවියන් වහන්සේ මෙන් විය යුතු නැත. වීමට හැකියාවක් ද නැත.
එසේ වුව ද අද තත්ත්වය වන්නේ පුංචි කැමරාවක් යන්තම් හසුරුවාගත හැකි කිසිදු පුහුණුවක් නැති මාධ්‍යකරුවන් මේ රස්සාවට පැමිණ ‘‘අපි තමයි පොරවල්“ වීමය. මේ නිසාම අද වනවිට මාධ්‍යය යනු වෘත්තීය පිළිගැනීමක් ගත නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන ක්ෂේත්‍රයකි. අපි මාධ්‍ය ආචාරධර්ම ගැන කතා කරන්නට බිය විය යුතු නැත.
අඩුම ගණනේ අනාගතයේ දී මාධ්‍යකරුවකු ලෙස පෙනී සිටින පුද්ගලයකු විධිමත් මාධ්‍ය පාඨමාලාවක් හදාරා ආචාරධර්ම ගැන පුහුණුවක් ලැබූ සහ ශිල්පීය දක්ෂතාවයකින් හෙබි පුද්ගලයකු බවට පත්කළ යුතුය.
ආචාර්ය රංග කලංසූරිය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් බවට පත්වන විට මා අපේක්ෂා කළේනම් මාධ්‍යවේදීන්ට පහර දුන් විට ‘‘ඒක වැරදි. මා එය හෙළා දකිනවා. පහරදුන් කෙනාට දඩුවම් දිය යුතුයි “ කියමින් ඔහු තුළ සැඟව සිටි පැරණි පත්තරකාරයා එළියට ඒම නොව රටේ මාධ්‍ය හසුරුවන අධ්‍යක්ෂ ජනරාල් භූමිකාවයි. මේ භූමිකාවට පන පොවන්නේ පත්තරකාරයකු වීම අපට ආඩම්බරයක් විය යුතුය.
රංග කලංසූරිය ඊයේ තම තනතුරේ වගකීම අකුරටම ඉටු කර ඇතැයි මම මට උදේ ඇමතූ මාධ්‍ය සඟයාට කීවෙමි. එවිට ඔහු මා සමග සුළු තර්ක විතර්ක කිහිපයක් කළේය. ඒ මෙසේ ය.
‘‘මචං, ඒත් නාවික හමුදාපති වැරදියි කියලා එයා කියන්නේ නැහැනේ. සර් කියන්නේ අපේ එකා වැරදියි කියලානේ.“
මම එවිට ඔහුට මෙසේ කීවෙමි.
‘‘ඒක හරිනේ. ප්‍රවෘත්ති නිවේදනය නිකුත් කරපු පුද්ගලයා රංග කලංසූරිය කියන නමින් අමතක කරලා ඒ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා කියා හිතන්න. එවිට ඔහු කියා තිබෙනවා මේ ගැන පරීක්ෂණයක් පවත්වන බව. අනික නාවික හමුදාපති හරිද වැරදිද කියන්න ඔහුට හැකියාවක් නැහැ. මේක ඊට වඩා එහාට ගිය සිදුවීමක්“
මගේ මිත්‍රයා නිහඬව අසා සිටියි.
‘‘තව දෙයක් තියෙනවා. රංග සර්ගේ ෆෙස්බුක් ප්‍රොෆයිල් එක බලන්න. ඒකේ පැහැදිලිව ම කියා තිබෙනවා කිසිම ආකාරයකින් මාධ්‍යවේදීන්ට පහර දීම තමන් අනුමත කරන්නේ නැහැ කියා. ඒ තමයි අපි දන්න අපේ ගුරුවරයා. අර නිවේදනය නිකුත් කළේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්. “
‘‘අපි අපේ එවුන් හදාගන්න ඕන. ඒ වගේ ම මේ වගේ ප්‍රහාරයන්ට එරෙහි වෙන්නත් ඕන“
මා මිත්‍රයා ම සමග එකඟ වූයේය. ඔහු තවත් යෝජනාවක් කළේය.
‘‘මචං අපි එකතුවෙලා රංග සර්ට කියමු අපේ අයට හරියට එතික්ස් කියල දෙන්න කියලා. දිස්ත්‍රික් මට්ටමට ගිහින්. “
රංග කලංසූරියගේ දෙබිඩි පිළිවෙත හරි යැයි මම සිතමි.
සජීව විජේවීර

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article