Wednesday, November 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

මාරවිල රෝහලේ මෝචරියේ ශීතාගාරය අවුරුදු 2ක් තිස්සේ අක්‍රීයයි ?

Must read

 

මාරවිල –

මාරවිල මූලික රෝහලේ මෝචරියේ ශීතාගාරය වසර 2ක පමණ කාලයක සිට අක්‍රීයව පවතින බව වාර්තා වේ.

මේ හේතුවෙන් මෘත දේහ තැන්පත් කර කල් තබා ගැනීමට නොහැකිව ඇති අතර, බාහිරෙන් අයිස් රැගෙනවිත් පෙට්ටිවලට දමා මෘත දේහ තබා ගැනීම මේ වනවිට සිදුකරනු ලබන බව වාර්තා වේ.

මියගිය අයගේ ඥාතීන්ට ද සිරුරු භාරගන්නා තෙක් ඒවා ආරක්ෂිතව තබා ගැනීමට නොහැකි වීම විශාල ගැටළුවක්ව පවතී.

එමෙන්ම මල්ශාලා හිමියන්ට ද අයිස් මිලදී ගෙන ඒවා රෝහලේ පෙට්ටිවලට දමා මෘතදේහ කල් තබා ගැනීමට සිදුව ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලදී ද මෙම ශීතාගාරය නොමැති වීම විශාල ගැටළුවක් බව වාර්තා වේ.

බලධාරීන්ගේ අවධානය වහාම මේ පිළිබඳව යොමු වී, ශීතාගාරය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරනු ඇතැයි රෝහල් කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසීන් අපේක්ෂා කරති.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article