Thursday, May 2, 2024

නාවික හමුදාපතිගේ චණ්ඩි පාර්ට් සේවා දිගුවට ?

Must read

navi-comader

හම්බන්තොට වරායේ නැව් දෙකක් යාත්‍රා කිරීමට නොහැකි වන පරිදි විරෝධතාවයේ යෙදුණු වරාය සේවකයන් විසිරුවා හැරීමට පැමිණි නාවික හමුදාපති අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා එහි සිටි ප්‍රාදේශීය මාධ්‍යවේදියකුට පහර දී යකා නටා ඇත්තේ වසරක සේවා දිගුවක් ඉල්ලා තිබියදී බව වාර්තා වේ.

විජේරත්න මහතා ලබන පෙබරවාරි 22 වැනිදාට ඔහුට වසර 55ක් පිරෙන බැවින් සේවා දිගුවක් ඉල්ලා තිබේ.

අදාළ සේවා දිගුව ඉල්ලා ඇත්තේ ඉකුත් ජූලි 24 වැනිදා බව වාර්තා වේ.

කෙසේවුවද මොහුට අදාළ සේවා දිගුව ලබාදීමට ජනාදිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර නොමැත.

රජය අපහසුතාවට පත් කිරීම

ඔහුගේ හැසිරීම යහපාලන රජය අපහසුතාවයට පත් කිරීමට හිතාමතා සිදු කළ එකක් බවටද මේවන විට රජයේ ප්‍රධානීන්ගෙන් චෝදනා එල්ලවෙමින් තිබේ.

එම ස්ථානයට නාවික හමුදාපතිවරයා යායුතු නොවන බවත්, එම නැව් මුදා ගැනීම කඹදෙකක් යොදා ඒවා මුහුදට ඇදීමෙන් කළ හැකිව තිබූ බවත් නාවික හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඊට හේතුව විරෝධතාකරුවන් අදාළ නැව්වලට නැග නොසිටි නිසා හා ඔවුන් සිටියේ මුහුදේ නිසා එය කළහැකිව තිබූ බව පැවසේ.

හමුදාපතිවරයා මාධ්‍යවේදියාට පහරදෙන වීඩියෝව

http://sinhala.srilankamirror.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article