Thursday, May 2, 2024

නාවික හමුදාපති වැරදිය ! එතකොට මාධ්‍යවේදියා හරිද ?( විඩියෝ සහිතයි )

Must read

දෙවන සංස්කරණයmedia-issue-1මාධ්‍යකරුවන් සිටින්නේ එක් පසෙකය.නාවික හමුදාව අනෙක් පැත්තේය.

හම්බන්තොට වරායේදි මාධ්‍යවේදියෙකුට පහරදිමේ සිදුවිම ගැන රටපුරා දැන් කථාබහක් ඇතිව තිබේ.
මේ සිදුවිමේදි නාවික හමුදාපතිවරයා කටයුතු කළ අන්දම අප කොන්දේසි විරහිතව හෙළා දැකිය යුතුය.
එහි කථා දෙකක් නැත.
එහෙත් ඉන් කියැවෙන්නේ මාධ්‍යවේදියා හරිය යන්න නොවේ.
අප දකින්න අකැමති අහන්න අකමැති ඒක් සත්‍යයක් මෙහි තිබේ.
නාවික හමුදාව යෙදි සිටින්නේ ඔවුන්ගේ මුුළු බලය යොදා හෝ අදාල නැව් 2 ක් මුදාගෙන හමබ්න්තොට වරායෙන් පිටත් කර යැවිමටය.
එනම් කිසියම් වු සංවේදි වතාවරණයකි.
මේ මාධ්‍යකරුවාගේ මාධ්‍ය භාවිතාව ගැටුම් වාර්තාකරණයේදි මාධ්‍යවේදියෙකු පිළිපැදිය යුතු මුලික කොන්දේසි සපුරා තිබේද ?
සිය මාධ්‍ය සගයන් එක් අන්තයක සිටියදි ඔහු සිටින්නේ අනික් අන්තයේය.
එමෙන්ම ඔහු සිටින අන්තය වන්නේ නාවික හමුදාව අදාල ක්‍රියාන්විතයේදි තමන්ට සිටින්නට යැයි වෙන්කොට ගෙන තිබෙන ප්‍රදේශයේය.
මෙහි ඡායාරූපවලින් පැහැදිලිව කියා පාන කරුණු කිපයක් වෙයිmedia-isue-2මාධ්‍යකරුවන් සිටින්නේ එක් පසෙකය.නාවික හමුදාව අනෙක් පැත්තේය.අදාල මාධ්‍යකරුවා සිටින්නේ කොහේද ?

1.අදාල ක්‍රියාන්විතයේදි නාවික හමුදාව එක් පසකටත් විරෝධතා කරුවන් තවත් පසකටත් පෙළගස්සා ඇත.

2.මාධ්‍යවේදින් සිටින්නේ මේ විරෝධතාකරුවන් සිටින තිරුවේ එක් අන්තයකය.

3.තතු මෙසේව තිබියදි අදාල මාධ්‍යවේදියා එකපාරටම නාවික හමුදා නිළධාරින් අතරින් රිංගා කිසියම් දේයකට නැග පින්තුර ගන්න උත්සාහ කරන අාකාරයක් අනිත් කෙළවරින් දිස්වේ.

ගැටුම ඇතිවන්නෙ ඉන් පසුවය.
අනිකුත් මාධ්‍යවේදින් ඇතින් සිට සිය වාර්තාකරණයේදි නියැලෙනු දැකගතහැකි විය.
මේ අනුව එක් දෙයක් පැහැදිලිය .
එනම් අදාල මාධ්‍යවේදියා ගැටුම් වාර්ථාකරණයේදි පිළිපැදිය යුතු කොන්දේසින් සපුරා ඇතිදැයි යන කරුණයි.

මේම සිදුවිමෙන් පසු අපගේ ඇතැම් මාධ්‍ය සගයන් හම්බන්තොට සිටින  මාධ්‍ය සගයකුගෙන්   මචං මොකද වෙලා තියෙන්නේ යැයි කියා විමසු අවස්ථාවේදි ඔහු කියා  තිබුනේ ද අදාල මාධ්‍යවේදියා කිසියම් දේශපාලන කණ්ඩායමක් වෙනුවෙන් අසිමාන්තිකව වැඩකොට ඇති අයෙක් බවත් මෙතනදි ඉල්ලන් කන විදියට හැසිරි ඇති බවත්ය.

අනික් කරුණ වන්නේ ඔහු විසින් පොලිසියේ දමා ඇතැයි කියන පැමිණිල්ල යනු මතු ආරක්ෂාව සදහා වුවක් මිස ඔහු මේ සිදුවිම අරභයා  නිතිය ඉදිරියට යාමට බලාපොරොත්තුවක් නැති බවය.

එහෙත් ගැටළුව වන්නේ නාවික හමුදාපතිගේ වැරැද්දට එරෙහිව දැවැන්ත විරෝධයක් කිසියම් සංවිධානාත්මක ආකාරයෙන් සිදුවෙමින් ඇති බවක් පෙනේ .මේ පිටුපස ඉතා පැහැදිලිවම රාජපක්ෂ කල්ලිය ක්‍රියාත්මක වන අයුරු විවිධ ප්‍රදේශවලින් දැනටමත් වාර්ථා වෙමින් තිබේ.
මෙවන් පසුබිමක් යටතේ රටපුරා නාවිකහමුදාපතිගේ ක්‍රියාවට විරෝධයක් මතුව තිබුණද  අදාල මාධ්‍යවේදියා විසින් සිදුකර ඇති වැරැද්ද ගැන එතරම් කථාබහක් නැත.
මෙරටේ මාධ්‍ය ක්ෂේත්‍රය තුල වෘත්තිභාවය ඉහල නංවාගැනිමට නම් අප අපක්ෂපාත ලෙස හමබන්තොට සිදුවිම නිවරදිව විග්‍රහ කර ගත යුතුය.එහෙත් දැන් සිදුවෙමින් ඇත්තේ ඇතැම් මාධ්‍යකරුවන් දැන් වෙනත් දේශපාලන කණ්ඩායම්වල  කොන්ත්‍රාතුවක් ඉටුකරමින් සිටිමද යැයි කථා බහක් මතුව තිබේ..
(මෙහි  ඇති හම්බන්තොට මාධ්‍යවේදියෙකුගේ මුහුණු පොතේ මේ සටහනද කියවා බලන්න -15 වන බ්‍රහස්පතින්දා කොළඹ දී පැවැත්වෙන විරෝධතාවය සඳහා ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්ක තුළින් සහභාගී වන මාධ්‍යවේදීන් හට ප්‍රවාහණ පහසුකම් සලසා ඇත. වැඩි විස්තර සඳහා 0772221901 – රාහුල් සමන්ත හෙට්ටිආරච්චි)

%e0%b6%bb%e0%b7%8f%e0%b7%84%e0%b7%94%e0%b6%bd%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad
සමාජ වෙබ් ජාලා තුලද මාධ්‍යවේදියාගේ ආචාරධාර්මික බව ගැන ප්‍රශ්ණ කරුනු ලබන්නේ මේ රටතුල ආචාරධර්ම මත පදනම් වු මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගිය යුතුව ඇතැයි දිගින් දිගටම පෙනි සිටින ඉතා සුළු පිරිසක් පමණි.
අති බහුතරය නාවික හමුදාපතිව ගෙදර යැවු පසු සියල්ල හරි යැයි යන ජනප්‍රිය කථාවේ පමණක් එල්ලි සිටිති.
තවත් කරුණක් මතුකළ යුතුව තිබේ.
එනම් 2005 දි නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලයේ සිසුන් 5 දෙනා ඝාතනය කරනු ලැබු විට අද මේ බැනර් උස්සන අතිබහුතරයක් දකුණේ මාධ්‍යවේදින්ට නාවික හමුදාව රණවිරුවන්ය.
ඝාතනයට ලක්වු සිසුන් 5 දෙනා කොටිය.
ඒ සිසුන්ට වෙඩි තබා ඝාතනය කොට ඇතැයි ඡායාරූපමය සාක්ෂි ඇතිව ලෝකයට කියා සිටි සුගීර්තරාජන් නම් ඒ අභිත මාධ්‍යවේදියාව එදා රාජපක්ෂ පාලනය විසින් ඝාතනය කරනු ලැබු විට දකුණේ බහුතරයක්  මාධ්‍යවේදින් මීක් ගෑවේ නැත.
අඩුම තරමින් යහපාලනය ස්ථාපිත වු පසුවවත්  රාජපක්ෂ සමයේ ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනාගේ ඝාතකයන් නීතිය හමුවට ගෙන එන්නට යැයි කියන්නට අද මේ මර්ධනයක් ගැන තප්පුලන අතිබහුතරයකට  අවශ්‍ය වුනේ නැත.
මේ රටතුල ඇත්ත මාධ්‍ය නිදහසක් ඇති කිරිමේ සටන යනු එදා මෙන්ම අදත් ඒවාට එරෙහි වෙමින් කටයුතු කළ හැකි මාධ්‍ය ක්‍රියාකාරිත්වයක් උතුරේත් දකුණේත් නැගෙනහිරත් ගොඩනැගිමය.
එසේ නැතිව රාජපක්ෂලාගේ බංකලොත් දේශපාලනයට තෙල් ගැසිම සදහා පාරට පැමිණිම නොවේ.
හෙට දවසේ වත් මේ රටේ මාධ්‍ය කලාව වෘත්තියභාවයකට ඔසවා තැබිය හැක්කේ එය ආචාරධර්ම පදනම් කොටගත් එකක් ලෙසින් අප ගොඩනගන්නට මහන්සි ගන්නේ නම් පමණි.
ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ආචාර්ය රංග කලන්සුරිය විසින් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් මතුකරන්නට යෙදුන ආචාරධර්ම පිළිබද කරුණ ඇත්තේ මෙතැනය.
වෘත්තිය පරිචයක් ඇති මාධ්‍යකරුවන් මේ රටතුල වැඩිවැඩියෙන් බිහිකරලන්නට අවැසි නම් අනිවාරයෙන්ම මේ මාධ්‍යවේදින් පුහුණු කර ගත යුතුව තිබේ.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මාධ්‍ය සගයාගේ මුහුණු පොතේ සටහන ගැන පැහැදිලි කිරිමක්

Sajeewa Wijeweera අපේ ප්‍රෙඩී ගමගේ සහෝදරයාගේ මතය සියයට සියයක් ම නිවැරදියි. මේ අවස්ථාව ගැන රාහුල් සමන්ත හෙට්ටිආරච්චි සොයුරා මට කිහිප වතාවක් කතා කළා. ඔවුන් හම්බන්තොට මාධ්‍යවේදීන් වෙන වෙනම නොයා එක්ව එක බස් රථයක යන බවත් කීවා. නමුත් ප්‍රෙඩී මේ දමා ඇති පෝස්ටුවෙන් විග්‍රහ කරන්නට උත්සාහ ගෙන ඇත්තේ රාහුල් ‘‘ගමන් පහසුකම් සඳහා විමසන්න“ යැයි කීමෙන් මුදල් ලබා දීමේ හෝ මෙහෙයවීමේ යෙදෙන කවරකු හෝ මේ උද්ඝෝෂණය සංවිධානය කිරීම පසුපස ඇති බවක් නේද ? නමුත් මා පුද්ගලිකව දන්නා තරමින් එවැනි මෙහෙයවීඹක් නැහැ. රාහුල් මටත් කීවා මාතර සහ ගාල්ල අයත් එකට එකතුවී කොළඹට එනවානම් හොඳයි කියා. ප්‍රෙඩීගේ විග්‍රහය අනුව නිවැරදිව වාර්තා කිරීම කළ රාහලු අසාධාරණයට ලක්වනවා යැයි මා සිතනවා. එය නිවැරදි විය යුතුයි නේද ?

- Advertisement -spot_img

More articles

1 COMMENT

  1. ප්‍රෙඩි ඔයාගේ මතයට ගරැ කරනවා. හම්බන්තොට සිද්දිය දැන ගත් වහාම මම සොයා ගත්තා විස්තරය. හලාවත ධීවර උද්ඝෝෂණය දිනයේ මමත් එතැන හිටිවා. කමුත් අපි කලබල වෙලා ගැටුමට ගියේ නැහැ.අපි මොනවා හරි කරමු දේශපාලනයේ තොර මාධ්‍යකරැවන් බිහි කරන්න. මම කියන්නේ නැහැ මාධ්‍යකරැවාට දේශපාලනය එපා කියලා. ඒක පෞද්ගලික කාර්යයක්.

Comments are closed.

- Advertisement -spot_img

Latest article