ජීවී වන සතුන් සහ අජීවී වන සත්ව කොටස් සන්තකයේ තබාගෙන සිටි විදෙස් ජාතිකයන් දෙදෙනෙකු සහ දේශීය සංචාරක මගපෙන්වන්නෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තිස්සමහාරාම අධිකරණ බල සීමාවට අයත් රක්ෂිත ප්රදේශයකින් බැහැර ප්රදේශයක් වන බැබව උද්දකන්දර වන සංරක්ෂිත කලාපයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය.
ඔවුන් පසුගිය 02 වන දින උරගයින් සහ කෘමි සතුන් එකතු කරන බවට ලද තොරතුරක් මත, වනජීවී නිලධාරීන් සංචාරකයන් ලෙස පෙනී සිටිමින් රාත්රියේ ස්ථාන කිහිපයක රැකවල්ලාගෙන සිට ඇත.
ලද තොරතුරු අනුව ජර්මන් ජාතික සංචාරකයන් දෙදෙනෙක් සහ දේශීය මගපෙන්වන්නෙකු නිරීක්ෂණය කෙරිණි. තමන් වනජීවී නිලධාරීන් බවට හඳුන්වා දීමෙන් පසු ඔවුන් පරීක්ෂා කළ අතර, ඔවුන් රැඳී සිටි යාල නම්බා නම් කඳවුරු බිම ද පරීක්ෂා කළේය. එහිදී කිසිදු නීතිවිරෝධී දෙයක් නිරීක්ෂණය වූයේ නැත.
අනතුරුව දේශීය මගපෙන්වන්නා රැඳී සිටි නවාතැන පරීක්ෂා කළ අතර, ඔහු නවාතැන ලෙස වෙනත් කාමරයක් පෙන්වීමෙන් පසු සැකසිතූ වනජීවී නිලධාරීන්, එම ආයතනයේ කළමනාකරුගෙන් විමසා මගපෙන්වන්නාගේ සැබෑ කාමරය පරීක්ෂා කිරීමට කටයුතු කළේය.
එහිදී සළඹයින්, උරගයින්, ඉත්තෑ ඇතුළු වන සතුන් සහ වන සත්ව කොටස් සොයාගත් බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරයි.
මුලාශ්රය -Department of wildlife conservation Sri Lanka




