නාමල් කුමාර සම්බන්දයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බැවින් එම පරීක්ෂණ අවසන් වු පසු යුධ හමුදාව විසින් පරීක්ෂණයක් ආරම්භ කර අත්අඩංගුවට ගන්නා බව යුධ හමුදාව පවසයි. යුධ හමුදාව නාමල් කුමාරට එරෙහිව මෙම පරීක්ෂණය පවත්වනු ලබන්නේ යුද හමුද සේවයෙන් පලා යාම සම්බන්ධයෙන් බවද යුධ හමුදාව ප්‍රකාශ කරයි.
මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් බ්‍රිග්‍රේඩියර් සුමිත් අතපත්තු මහතා සදහන් කර ඇත්තේ හමුදාෙවන් පලා ගිය සෙසු පුද්ගලයන්ට විරුද්ධව ගනු ලබන ක්‍රියාමාර්ග නාමල් කුමාර සම්බන්දයෙන්ද ගන්නා බවයි.