එකම අංකයක් සහිත සැකසහිත යතුරුපැදි දෙකක් වැලිමඩ පොලිසිය විසින් සොයාගෙන තිබේ.
දඹවින්න ප්රදේශයේදී බලපත්ර නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ පුද්ගලයකු වැලිමඩ පොලිසිය මගින් මුලින් අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුගෙන් සහ යතුරුපැදිය සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී අනාවරී වී ඇත්තේ, එම අංකයම යොදන ලද තවත් යතුරුපැදියක් කුරුණෑගල ප්රදේශයේ තිබී සොයා ගැනීමට පොලිසියට හැකි වී ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තා ද මේ වන විට ලබාගෙන ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා වැලිමඩ පොලිසියේ රථවාහන අංශය මඟින් වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරනු ලබයි.
මුලාශ්රය -uva today news




