මෙම වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 05දා දිවයින පුරා පැවැත්වීමට නියමිතය. විභාග මධ්‍යස්ථාන 3050 ක විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා අයදුම්කරුවන් 355,326ක් පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
විභාග අපේක්ෂකයන් කලවේලා ඇතිව විභාග මධ්‍යස්ථානයට පැමිණ පෙරවරු 09.00 වන විට ශාලාවල අසුන් ගත යුතු බවත් එම නිවේදනයේ සදහන් වෙයි.
විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 09.30 සිට විනාඩි 45 ක කාලයක් පැවැත්වෙන අතර දෙවන ප්‍රශ්න පත්‍රය පෙරවරු 10.45 සිට පැයකුත් විනාඩි 15 ක කාලයක් පැවැත්වේ.