Thursday, May 16, 2024

ජනතාව අත්පොලසන් දිය යුත්තේ දේශපාලනඥයා පොරොන්දු ලබා දෙන විට නොව පොරොන්දු ඉටු කරන විටයි – අමාත්‍ය මංගල සමරවීර

Must read

ඡායාරූපය - https://newstube.lk
ඡායාරූපය – https://newstube.lk

රුපියල් කෝටි 6000ක වියදමින් ක්‍රියාත්මක පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ ආරම්භ කෙරෙන ව්‍යාපෘති 180න් එකක් ලෙස ක්‍රියාත්මක වූ පොළොන්නරුව, ඇළහැර, පොකුරුගම පානීය ජල යෝජනා ක්‍රමය ජනතා අයිතිට පත් කිරීමේ අවස්ථාව ඊයේ (01) වනදා පැවැත්විණි. මෙම ප්‍රදේශයේ පැතිර යන වකුගඩු රෝගයට පිළියමක් වශයෙන් මෙම ජල යෝජනා ක්‍රමයෙන් ජනතාවට නැනෝ තාක්ෂණ මගින් පෙරන ලද ජලය නොමිලේ ලබා දෙනු ලබයි.

මෙම අවස්ථාවට එක්වූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අදහස් දක්වමින් සදහන් කර සිටියේ ජනතාව අත්පොලසන් දිය යුත්තේ දේශපාලනඥයා පොරොන්දු ලබා දෙන විට නොව පොරොන්දු ඉටු කරන විට බවයි. පසුගිය වසර 10ක පමණ කාලය තුල දේශපාලනඥයන්ගේ පොරොන්දුවලට අත්පොලසන් ලබා දීමේ ප්‍රතිවිපාක ජනතාවට විදින්නට සිදුවූ බවද අමාත්‍යවරයා සදහන් කර ඇත.

එම අවස්ථාවේදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා සදහන් කර සිටියේ මෙවැනි ගම්මාන දියුණු කරන්න ආණ්ඩුව යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බවයි. පසුගිය වසර දහයක කාලය තුල සංවර්ධණය යැයි කියන මුලාවට ජනතාව රැවටුන බවත් පවසා සිටියයේය. පසුගිය පළාත් සභාමැතිවරණ ප්‍රථිඵල වලිනද ඒ බව දැකගත හැකිවූ බවත් එහිදී ජනතාව විසින් පත්කරගත් පිරිස් මේ වන විට විවිධ චෝදනාවන්ට දිනෙන් දින සිරගතවන බවත් ඒ මහතා සදහන් කලේය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article