තිරප්පනේ පුංචි කුලම වැව ප්‍රදේශයේ දී වනජීවී නිලධාරීන් විසින් අද දින (03) හදිසි වැටලීමක් සිදුකළා. එහිදී සතුන් දඩයම් කිරීම සඳහා හක්කපටස් තැබූ පුද්ගලයින් දෙදෙනෙක් එම අවස්ථාවේ ම අත්අඩංගුවට ගැනීමට හැකිවුණා.
එළඹෙන උත්සව සමය සඳහා දඩමස් වෙළඳාමට අවශ්‍ය වන සතුන් දඩයම් කිරීම සඳහා හැකියාව පවතින බැවින් මේ දිනවල සිදුකරන වැටලීම් සංඛ්‍යාව අඛණ්ඩව සිදුකරනවා.

මදු ඇටවීම්, නීති විරෝධී ගිණි අවි භාවිතා කරමින් සිදුකරන වන සතුන් දඩයම් කරන දඩයක්කරුවන් අත්අඩංගුවට ගැනීම නිරන්තරයෙන් සිදුකරනවා. ඔබත් එවැනි දඩයම් සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් 1992 වනජීවී හදිසි දුරකථනයට ඇමතුමක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා.
මෙම වැටලීම තිරප්පනේ බීට්ටු කාර්යාලයේ ස්ථානභාර නිලධාරී පී.ඒ.බී.එස්.අතුකෝරළ මහතා ඇතුළු වනජීවී නිලධාරීන් විසින් සිදුකළා.

