Thursday, November 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

කඩුවෙල මංසන්ධියේ වෙළෙඳසැලක හටගත් ගින්නකින් එකම පවුලේ සිව්දෙනෙකු ජීවිතක්ෂයට

Must read

 

​ කඩුවෙල මංසන්ධිය අසල පිහිටි විදුලි උපකරණ අලෙවිසැලක අද (19) අලුයම හටගත් ගින්නකින් මව, පියා සහ දරුවන් දෙදෙනා ඇතුළු එකම පවුලේ සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

​මූලික පොලිස් විමර්ශනවලට අනුව, ගින්න හටගන්නා අවස්ථාවේදී මෙම පවුලේ පිරිස එම ගොඩනැගිල්ල තුළ රැඳී සිට ඇත.

​ගින්න මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ රථ තුනක් එම ස්ථානයට යොමු කර තිබේ.

​මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාව සහ ගින්න ඇතිවීමට නිශ්චිත හේතුව මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නොමැති අතර, කඩුවෙල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඡායාරූපය – නෙත් නිව්ස්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article