Thursday, May 16, 2024

සුප්‍රකට ඇමරිකානු ගායක PITBULL ගේ ලංකා ප්‍රසංගය අවලංගු වුනේ ඇයි ?

Must read

්pit bull 1පිට්බුල් යන අන්වර්ථ නාමයෙන් හදුන්වන්නේ Armando Christian Pérez නම් වූ ලෝ ප්‍රකට ඇමරිකානු රැප් ගායකකයායි. ඊට අමතරව Mr. Worldwide යන නාමයෙනුත් ඔහුව බොහෝ දෙනෙක් හදුන්වනු ලබනවා.මේවන  විට ලොවක් උන්මාදයට පත්කිරීමට සමත් වී ඇති මේ සුපිරි තරුව මුලින්ම ප්‍රධාන පෙලේ සංගීතමය කටයුත්තකට සහභාගී වන්නේ 2002 වසරේදීයි. ඒ ලිල් ජෝන් ගේ “Kings of Crunk” ඇලබමයටයි. ඉන්පසු ඔහුගේ ප්‍රථම ඇල්බමය එලිදැක්වෙන්නේ 2004 වසරේදී M.I.A.M.I. (Money Is A Major Issue) නමිනුයි.එතනින් ආරම්භකල ඔහුගේ සංගීත දිවිය මේ වනවිට ලොවපුරා රසික සිත් උන්මාදයට පත් කර අවසන්. මේ වන විට ලෝකය පුරා සංදර්ශන පැවැත්වීම සදහා ඔහුට ඇත්තේ අතිවිශාල ඉල්ලුමක්. මේ කාලයේදී ඔහු ඔහුගේ නවතම ඇලබමය වන ‘Climate Change’ රැගෙන ලොවපුරා සංචාරයන් සදහා සහභාගී වනවා.එම සංචාරයන් වල එක් නවාතැනක් වශයෙන් ඔහු ආසියානු කලාපය තෝරාගෙන තිබුණා.pit bull 3pit bull 4

සුප්‍රකට ඇමරිකානු ගායක පිට්බුල් හිරු නාලිකාවේ අනුග්‍රහයෙන් පැවැත්වෙන ප්‍රසංගයක් සදහා පැමිණිමට නියමිතව තිබුණේ මැයි මස 26 වනදාය.
මේ වෙනුවෙන් දැනටමත් දැවැන්ත ප්‍රචාරයක් එබිසි මාධ්‍ය ජාලය විසින් සිදුකර තිබුණ අතර ප්‍රසංගයේ ප්‍රවේශ පතක මිළ රු 10,000 – රු 4000ක පරාසයක විය.
මේ අතර කලම්බු ගැසට් වෙබ් අඩවිය වාර්තා කර තිබුනේ පිට්බුල්ගේ  අසියානු සංචාරය “Climate Change World Tour” ලෙස නම් කර තිබුණ ආසියානු සංචාරයම ඔහු විසින් අවලංගු කර ඇති බවයි. තවදුරටත් එම වෙබ් අඩවිය දක්වා සිටියේ මැලේසියාව,සිංගප්පූරුව හා ශ්‍රීලංකාවේ පැවැත්වීමට තිබූ ප්‍රසංගයන් ඔහුගේ කාලසටහන් වල ප්‍රශ්ණයක් නිසා එම සංචාරද අවලංගු කිරීමට සිදුවන බවට එදහන් කරමින් ඔහු ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලා ඇති බවයි. ඒ අතරම ඉදිරියේදී එම සංචාරය පැවැත්වීමට කටයුතු කරන බවත් එම වෙබ් අඩවිය වාර්ථා කර තිබිණි.
එහෙත් පිට්බුල්ගේ ඉදිරි ප්‍රසංග ගැන දක්වමින් සුප්‍රකට වෙබ් අඩවියක් වන http://www.songkick.com පවසා තිබුනේ මැයි පිට්බුල්ගේ ප්‍රසංග 24 වනදා තායිපේ නගරයේත්,25 වනදා බැංකොක් නගරයේත් මැයි 27 වනදා සිංගප්පුරුවේත් පැවැත්වෙන බවය.
කෙසේ වෙතත් මේ අතර පිට්බුල්ගේ ලංකා ප්‍රසංගය අවලංගු කරන්නට සිදුව ඇත්තේ ගිවිසුම් ප්‍රකාරව ඔහුට ගෙවිමට නියමිතව ඇති මුදල් නිසි ලෙසින් ගෙවිමට අදාල සංවිධාකයන් අපොෙහාසත්විම නිසාද යන්න පිළිබදව කසුකුසුවක්ද මේ දිනවල මේ ගැන මහත් උනන්දුවකින් සිටින ජනයා අතර පැතිර යමින් තිබේ.
කෙසේ වෙතත් මේ ප්‍රසංගය සංවිධානය කරන්නට සිටි ඒබිසි මාධ්‍ය ජාලය කියා සිටින්නේ දැනට මිලට ගෙන ඇති ටිකට් පත් සදහා මුදල් ආපසු ලබාදිමට කටයුතු කරනු ලබන බවය.
www.meepura.com

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article