Thursday, May 16, 2024

ඇමරිකාව ඇතුළු රටවල් 99කට එල්ලවූ ප්‍රහාරයකින් ශ්‍රී ලංකාව බේරෙයි..

Must read

AAEAAQAAAAAAAAhTAAAAJDczNzNkYzM5LWQxNTItNDNjOC04NmVhLTc2MTBkMDI4MGNkZg

පසුගිය දිනයකදී චීනය,රුසියාව,එංගලන්තය,ඇමරිකාවද ඇතුළුව රටවල් 99කට එල්ලවූ ransomware ප්‍රහාරයක් සම්බන්දයෙන් විශාල අවධානයක් යොමුවුණා. මේ ප්‍රහාරයට ශ්‍රී ලංකාවත් ගොදුරු වූවාද? CERT ආයතනය පවසන පරිදි මේ වනතෙක් එවැනි කිසිදු සිදුවීමක් ශ්‍රී ලංකාවෙන් වාර්ථා වන්නේ නැහැ.

CERT ආයතනයේ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසන්නේ මේ වන විට CERT ආයතනය විසින් මෙම ransomware ප්‍රහාරය පැතිරීම පිලිබදව පරීක්ෂණ පවත්වන බවයි.සාමාන්‍යයෙන් ransomware ප්‍රහාරයෙන් ව්‍යාප්ත වන්නේ ඊමේල් මගින් වන බවත් නමුත් මෙම ප්‍රහාරය ඊමේල් මගින් ව්‍යාප්ත වූ බවට කිසිදු තාක්ෂණීක වාර්ථාවක් නැති බවත් ඒ මහතා පවසනවා.

යාවත්කාලීන නොකරන ලද පරිඝණකයන් හා යාවත්කාලීන නොකරන ලද වෛරස් ගාඩ් පවතින පරිඝණකයන් මේ ආකාරයෙන් ප්‍රහාරයන්ට ලක්විය හැකි බවත් චන්ද්‍රගුප්ත මහතා පවසනවා.ඒ හේතුවෙන් තමන්ගේ දත්තයන් backupකර තබා ගැනීම කල යුතු බවයි ඒ මහතා පවසන්නේ.
ඊයේ දිනයේදී ඇමරිකානු ආර්කෂක අංශ විසින් නිපදවන ලද ආරක්ෂක මෙවලම් යොදාගනිමින් එල්ලවී ඇතැයි සැක කෙරෙන මේ ප්‍රහාරය මේ වන විට ලොවපුරා සංවිධාන වල පරිඝණක විශාල ප්‍රමාණයක් ගොදුරු කරගෙන ඇති බවයි වාර්ථා වන්නේ.රොයිටර්ස් ආයතනය පවසන ආකාරයට දහස්ගණන් පරිඝණකයන් මේ වන විට යම්කිසි පරිඝණක වැඩසටහනක් මගින් සිරවී ඇති අතර එය නිදහස් වීමට ඒ වැඩසහන විසින් ඇරිකානු ඩොලර් 300ක් මුදලක් ලෙවන ලෙසත් ඉල්ලා සිටිනවා.

www.dailymirror.lk ඇසුරිණි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article