Thursday, May 16, 2024

වෙසක් දාට අදාලව විශේෂ මාර්ග නීති හදන්න පොලිසියට තවත් මිනී කීයක් ඇවැසිද ?

Must read

walakumbura_accident_3වෙසක් දවස යනු පාරවල් වල මාර්ග නීති එහෙම පිටින්ම බල්ලාට යන දවස් කිපයකි.
බහුතරයක් දෙනා පාරවල් වල හැසිරෙන්නේ අමනයන් ලෙසිනි.
විශේෂයෙන්ම ත්‍රිරෝද රථ කරුවන්,යතුරුපැදි කරුවන් මෙන්ම බට්ටෝ මේ මාර්ග නීති පිළිනොපදින අමන රැළ අතරේ ප්‍රමුඛයෝ වෙති.
මේ අමන රැළකගේ කමකට නැති රියහැසිරවිම් නිසා දැනටමත් මරණ කීපයක්ම සිදුව තිබේ.
එමෙන්ම සිදුව ඇති අනතුරු ගණනද ඉහලය.
ජනාධිපතිවරයා සභාපතිත්වය දරන පොළොන්නරු වෙසක් කලාපයේ සිදුව ඇති අනතුරකදි තරුණයන් 4 දෙනෙකු මිය ගොස් තිබුනේ එක යතුරුපැදියක ගමන් ගනිමින් සිටියදි බව මාධ්‍ය වාර්ථා කොට තිබුණි.
එමෙන්ම මගි ප්‍රවාහනයට කිසිසෙත් සුදුසු නැති බ්ට්ටෙකුගේ ගමන් ගත් කාන්තාවක් මි ගොස් 11 දෙනෙකුට තුවාල සිදුකළ අනතුරක් ගැන දැනටමත් මාධ්‍ය විසින් වාර්ථා කර තිබේ.
ඊයේ දිනයේ කිලෝ මිටර් 22 ක් යන්නට පැය 2 ක් ගියා සටහනක් මුහුණු පොතේ දුටිමු.
එමෙන්ම තවත් අයෙකු කියා සිටියේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිට කි.මි 70 දුරක් පැමිණිම සදහා පැය 5 ක් ගිය බවකි.
ඉතා පටු පාරවල් දෙපස තැන තැන ක්‍රියාත්මක දන්සැල් සහ ඒ කෑම බිම ලබාගැනිම සදහා කිසිදු මාර්ග විනයක් නැතිව තැන තැන වාහන නවතා ඇති රියකරුවන් නිසා මේ මාර්ග තදබදය බෙහෙවින්ම වැඩිව තිබුණි.
මෙවැනි පාරවල් වල දන්සල් පැවැත්විමට අදාලවද මාර්ග නීති සැලකිල්ලට ගනිමින් පොලිසිය යම් නිති පද්ධතියක් සකස් කළ යුතුව තිබේ.
ලබඒ කොන්දේසි මත පමණක් දන්සැල් පැවැත්විමේ අවසරය ලබා දිය යුතුව තිබේ.
තරුණ යතුරු පැදිකරුවන් ඊයේත් පෙරේදාත් පාරවල් වල ගියේ පිස්සන්ටෙ හැතැම්ම නැති ගානටය.
මේ අය පාලනය කිරිම සදහා ලංකාවේ කිසිදු පොලිසියක් ක්‍රියාත්මක වු බවක් මේ දිනවල නම් පෙනුනේ නැත.
ඡායා- වයඹ ටුඩේ

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article