Monday, May 6, 2024

වැස්ස දිගටම ….

Must read

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

උතුරු, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදය කාලයේදී ද වැසි ඇති විය හැකි බව නිවේදනයේ සඳහන්.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 150 කට වැඩි තද වැසි ද දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට මි.මී 100 කට වැඩි තද වැසි ද ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article