Sunday, May 19, 2024

යුද බිමේ දිවි පිදුවන් අනුස්මරණයට සැරසෙන දෙමළ ජනතාවට අවහිර

Must read

උතුරේ දියත් කළ යුද්ධයේදී ඝාතනයට ලක්වු එල්.ටී.ටී ඊ සාමාජිකයන් වැඩිම සංඛ්‍යාවක් මිහිදන් කර

තිබෙන සුසාන භුමිය එළිපෙහෙළි කරමින් මහවිරු දිනය සැමරීමට සුදානම් වන වන්නියේ දෙමළ ජනතාවට යුද හමුදාවේ ඔත්තු බැලීමට මුහුණ දීමට සිදුවී තිබේ.

නොවැම්බර් 27 වැනිදාට යෙදී තිබෙන දෙමළ මහවිරු දිනය ඉලක්ක කරගනිමින් ඔක්තෝබර් 30 වැනිදා මුලතිව්, විශ්වමඩු පිහිටි තේරාවිල් සුසාන භුමිය ශ්‍රමදානයෙන් සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු සිදුකළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

ඝාතනයට ලක්වු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 7000 ක් පමණ මිහිදන් කර තිබෙන තේරාවිල් සුසාන භුමියට එක්වු ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් සහ ගම්වැසියන් ප්‍රදේශයට ඇද හැලුන වැසි තත්වය පවා නොසලකා හරිමින් සුසාන භුමිය පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත වු බව ඔවුහු වැඩි දුරටත් සදහන් කරති.

මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සිහිකරමින් (පුජාවක්) පවත්වා ඔවුන් සුසාන භුමිය පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

එම අවස්ථාවේදී ශ්‍රමදානයේ යෙදී සිටි පිරිස වීඩියෝ ගත කරමින් හමුදා සෙබළුන් බියවද්දන සුළු ආකාරයෙන් කටයතු කළ බව ප්‍රදේශවාසීහු පවසති.

ප්‍රදේශවාසීන් පවසන්නේ සුසාන භුමියෙන් සියයට හැත්තැ පහකට වැඩි භුමි ප්‍රමාණයක් යුද හමුදාව අත්පත්කරගෙන සිටින බවයි.

මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් මිහිදන් කර තිබෙන භුමිය මත යුද හමුදාව ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩා කරන බවට චෝදනා කරන ඥාතීන් ඉල්ලා සිටින්නේ තේරාවිල් සුසාන භුමිය සමීපයේ ස්ථාපිත කර තිබෙන යුද හමුදා කඳවුර වහාම එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසයි.
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article