Sunday, May 5, 2024

ලංකාවේ මැණික් ජකර්තා වෙත..

Must read

42-Jakarta-International-Jewellery-Fair-2017

මේ වසරේ අප්‍රේල් මස 20 වනදා සිට 23 වනදා දක්වා ඉන්දුනීසියාවේ ජකර්තා සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වෙන ස්වර්ණාභරණ ප්‍රදර්ශණය සදහා ඉතිහාසයේ පලමු වරට ශ්‍රී ලංකාව මේ වසරේදී සහභාගී වන අතර ඒ සදහා මෙරට ප්‍රධාන පෙලේ ස්වර්ණාභරණ සමාගම් 15ක නියෝජිතයන් සහභාගී වීමට නියමිතය.

මෙම ප්‍රදර්ශණය ඉන්දුනීසියාවේ පැවැත්වෙන මේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙලේ ප්‍රදර්ශණයක් වන අතර එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්,සහ සමාගම් වල අයිතිකරුවන්  ඔවුන්ගේ අත්දැකීම් හා නව නිර්මාණයන් එලිදැක්වීම හා එම ක්ෂේත්‍රයේ ඇති තොරතුරු  දැනගැනීම සදහාත් මේ ප්‍රදර්ශණය යොදාගන්නවා.

එලෙසම මෙම ප්‍රදර්ශනයේදී නිෂ්පාදකයන්,බෙදා හරින්නන්,තොග හා සැපයුම්කරුවන්ට දියමන්ති,රත්තරන්,රිදී,මුතු,වටිනා ගල්වර්ග හා සම්බන්ද වන ව්‍යාපාරයන් ස්ථාපිත කිරීම සදහා වන සම්බන්ධතාවයන් ඉන්දුනීසියාවේ මේ ක්ෂේත්‍රයේ ඉහල පෙලේ ව්‍යාපාරිකයන් හා ඇති කර ගැනීමට තෝතැන්නක් වශයෙනුයි සියළු දෙනාම සදහන් කරන්නේ.
මෙම ප්‍රදර්ශණය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන ව්‍යාපාරිකයන් විසින් මෙරට ඇති Sapphires, Rubies, Cat’s Eye, Emerald වැනි ඉතාමත් වටිනා මැණික් වර්ග ඉදිරිපත් කිරීමට නියමිතය.

Sapphires Sri Lanka 3

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article