Saturday, May 18, 2024

බැට කෑ මාධ්‍යවේදීන් ගේ තොරතුරු මැයි දිනයට පෙර රැස්කෙරේ

Must read

indexp

පසුගිය ආණ්ඩු සමයේ විවිධ හිරිහැර හා පීඩාවට පත් වු මාධ්‍යවේදීන්ට සහන සැලසීම සඳහා නැවතත් ඉල්ලුම්පත් කැඳවීමට රජය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රජය පවසන්නේ 2005-2015 තුළ විවිධ හිරිහැර හා පීඩාවට පත් වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීම සඳහා වන කැබිනට් කමිටුවේ නිර්දේශ තවදුරටත් පුලුල් කිරීම සදහා ඉල්ලුම් කිරීමට සහ යෝජනා ඉදිරිපත් කිරීමට නොහැකි වු අයට හා සංවිධාන වලට යළිත් අවස්ථාවක් ලබා දීමට වෙනුවෙන් මෙම තිරණය ගෙන ඇති බවයි.

ඒ අනුව මෙම වකවානුව තුළ ඝාතනයට, පහරදීම් වලට සහ නොයෙක් විවිධ හිරිහැර හා පීඩාවට පත් වු මාධ්‍යෙව්දීන් සහ මාධ්‍ය සේවකයන් පිළිබදව ඉල්ලීම් කැදවීමට මෙම කැබිනට් අනුකාරක කමිටුව තීරණය කර ඇත.

එම යෝජනා සහ ඉල්ලීම් 2017 මැයි පළමුවනදාට පෙර පහත සදහන් ලිපිනයට, ෆැක්ස් අංකයට හෝ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන ලෙස ඉල්ලා සිටී.

කැබිනට් අනුකාරක කමිටුවේ ලේකම් ලෙස කටයුතු කරනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්ය.

ලිපිනය

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව,
අංක 163 කිරිළපන මාවත.
කොළඹ 05.

ෆැක්ස් – 0112514753

ඊමේල් – ranga@dgi.gov.lk

JDS 44

පසුගිය සමයේ ඝාතනයට හා අතුරුදහන් කිරීමට ලක්වූ මාධ්‍යවේදීන් ගේ ලැයිස්තුවක් 2015 දෙසැම්බරයේ ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේ දී මාධ්‍ය සංසදය විසින් අගමැති රනිල් වික්‍රමසිංහ අතට පත් කළ අතර අග්‍රාමාත්‍යවරයා එහිදි සදහන් කර තිබුනේ එම ලේඛනයේ මාධ්‍යවේදීන් 44 දෙනකුගේ නම් ඇතුලත්ව ඇති බවයි.

අගමැතිවරයාට භාර දෙන ලද ලැයිස්තුව සකස් කොට මුල් වතාවට ප්‍රසිද්ධියට පත් කර තිබුනේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසිනි.

වසරකට වැඩි කාලයක් රජය සතුව ඇති එම ලැයිස්තුවේ සඳහන් මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට ගන්නා පියවර තවමත් ප්‍රකාශයට පත් කර නැත.

 

උපුටාගැනීම – http://www.radiogagana.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article