Saturday, May 18, 2024

2019 සිට සියළුම රජයේ ආයතන සූර්ය බලට යටතට..

Must read

එලඹෙන වසර දෙක ඇතුලත සියළුම රජයේ ආයතන වල සූර්ය බලශක්තිය ලබා ගත හැකි පැනල පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා.ඒ අනුව 2019 වසරේ සිට සියළුම රජයේ ගොඩනැගිලි සූර්ය බලශක්තියෙන් බලගැන්වෙනු ඇති.

මේ වන විට රටපුරා සිදුවන විදුලි පරිභෝජනයෙන් 20%ක් පාරිභෝජනය කරන්නේ රජයේ ආයතන වන බැවින් එම ආයතන සූර්ය බලශක්තිය ප්‍රයෝජනයට ගැනීමට යොමුවීම හරහා මසකට රුපියල් බිලියනයක පමණ මුදලක් ඉතිරි කරගත හැකි වනු ඇති බවයි,පුනර්ජනනීය බලශක්ති අධිකාරියේ සභාපති කීර්ති වික්‍රමරත්න මහතා පවසන්නේ.

මීට අමතරව පිටිසර පළාත්වල නිවාස වෙත විදුලිය ලබාදීම සදහා එඒ ප්‍රදේශවල නිවාසවල වහලවල් යොදාගනිමින් සූර්ය පැනල සවි කිරීමට බලාපොරොත්තු වන බවත් එමගින් සැලසුම් කල කාලයට ප්‍රථමයෙන් ශ්‍රී ලංකාව පුරා 100%ක විදුලි සැපයුමත් ලබාදීමට හැති වනු ඇති බවයි ඒ මහතා පවසා ඇත්තේ.

Solar panel on a red roof reflecting the sun and the cloudless blue sky
Solar panel on a red roof reflecting the sun and the cloudless blue sky
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article