Sunday, May 19, 2024

රාජපක්ෂලාට බලය දෙන ව්‍යාපෘතිවලට අපේ සහය නෑ ! ජවිපෙ තින්දුවක් ගනියි !

Must read

JVPඅන්ත දුෂිත රාජපක්ෂ රෙජීමය ශක්තිමත් කරන කිසිඳු බල ව්‍යාපෘතියකට තමන් සහය නොදෙන බවට ජනතා විමුක්ති පෙරමුණ තීන්දුවක් ගෙන ඇතැයි විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය දෙනවාද විරුද්ධව දෙනවාද යන්නට වඩා විශ්වාසභංග යෝජනාව සහ ඒ මත දියත්ව තිබෙන දේශපාලන කඹ ඇදිල්ලේ නියම ස්වරූපය ජනතාවට දැනගැනීමට අනාවරණය කිරීම වඩාත් වැදගත් බවද එම පක්ෂයේ මතය වී ඇත.

එසේම රාජපක්ෂවරුන් බෙදීමක් නිර්මාණය කරගෙන එක් පාර්ශවයක් අග්‍රාමාත්‍යවරයාට පක්ෂ ලෙසත් අනෙක් පාර්ශවය ජනාධිපතිවරයාට පක්ෂ ලෙසටත් පෙන්වමින් ව්‍යාජ රංගනයක නියැලෙන බවත් ඒ වෙනුවෙන් ඉතා සුක්ෂමව ඒකාබද්ධ විපක්ෂයේ හෙංචයියන් යොදවා සිටින බවද එම පක්ෂයේ ස්ථාවරය වී තිබේ.

ඒ අනුව විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා අවස්ථාවේ පවතින ප්‍රධාන ධාරාවේ දේශපාලනය කොතරම් පහත තත්ත්වයකට ඇදවැටී තිබෙනවාද යන්න අනාවරණය කිරීමේ අපේක්ෂාවක එම පක්ෂය පසුවෙයි.

මේ අතර එම පක්ෂයේ සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්නද පසුගියදා සඳහන් කර සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කතානායකවරයට බාරදී තිබෙන විශ්වාසභංග යෝජනාව ගජමිතුරු සමාගමේ සැලසුම් සහගත වුවමනාව මත ආණ්ඩුවට විරුද්ධව තිබෙන ජනතා කලකිරීම මඟ හැරවීම සදහා ඉදිරිපත් කරන ලද්දක් බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා මෙසේද පවසා තිබිණ.

“පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳට හා දරුවන්ට විරුද්ධව එල්ලවූ චෝදනාවලදී රනිල් මහතා බොහෝ උදව් කලා. ශිරන්ති රාජපක්ෂ මහත්මිය කතානායක නිල නිවෙසට ගෙන්වා ප්‍රකාශ සටහන් කර ගැනීම වැනි කාරනා ලද බොහෝ උදව් උපකාරවලට ප්‍රති උපකාර තමා මේ කරන්නේ. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරනවා වගේ වැඩක් මේක.

පොහොට්ටුවට ජනතාව ඡන්දය දුන්නේ මහින්ද අගමැති කරන්න. මහින්ද අගමැති කරන්න කියලා සියලුම පළාත් පාලන පොහොට්ටු අපේක්ෂකයෝ ජනතවගෙන් ඉල්ලා සිටියා.

ඡන්දය දිනුවට පසු මහින්ද කියනවා අගමති ධුරයට මගෙන් බාධාවක් නැහැ රනිල්ට ඉල්ලා අස්වෙන්න අවශ්‍ය නැහැ කියලා. අමාත්‍ය රාජිත සේනාරත්න මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

රනිල් අගමති කමේ ඉන්නේ මහින්දගේ සහයෙන් :

මේ වනතෙක් මහින්ද එක ප්‍රතික්ෂේප කරලා නැහැ. මහින්දගේ සහයෙන් තමා රනිල් අගමති කමේ ඉන්නේ. දෙදෙනාගේ සහයෝගයෙන් එකඟත්වයෙන තමා රනිල් දැන් ආණ්ඩුව කරගෙන යන්නේ. ජනතවගේ පැත්තෙන් රටේ පවතින තත්වය පිලිබදව වික්ෂිප්ත තත්වයක් ඇතිවුනා. ඒ අනුව ජනතවගේ ලොකු කළකිරීමක් තියෙනවා. දැන් ඒ තත්වය සමනය කරන්න විශ්වාස භංග යෝජනාවක් කරලියට අවා. දැන් ජනතාව විශ්වාස භංගය ගැන කල්පනා කර කර ඉන්නවා.

මහින්දගේ වුවමනාව ?

විශ්වාසභංගය ගේන්නේ අගමැතිවරයාට එරෙහිව පමණක් නොවේ. ආණ්ඩුවට එරෙහිව තමා විශ්වාස භංග යෝජනාව බාරදෙන්නේ. දැන් ගැටළු රැසක් නිර්මාණය වෙලා. ව්‍යවස්ථාමය ගැටළු යළි මතුවෙනවා. ඒක නිසා විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කරන්න බැරිවෙන එකක් බවට පත්වෙනවා. ඒක තමා මහින්දගේ වුවමනාව.

රනිල් දිගටම අගමැති ධුරයේ තබා ගැනීම තමා ඒකාබද්ධයේ වුවමනාව. අලුත් නායකයෙකු ආවොත් ජනතාව අලුත් බලාපොරොත්තු ඇති කර ගන්නවා. ඒ නායකයා ගැන විශ්වාසයක ඇතිකර ගන්නවා. ඒ වටා පෙළ ගැසෙනවා ජනතාව. ඒක මේ රටේ දේශපාලන ගමනට බාධාවක්. රනිල් අගමැතිකමේ තියාගෙන යන ගමන ඒකාබද්ධයට හොඳයි. ඒක ඒකාබද්ධයට කල්ල මරේ.” යයිද ඔහු කියා සිටියේය.
www.newstube.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article