Saturday, May 18, 2024

දේශීය සිනමා, ටෙලි නාට්‍ය සහ සංගීත ක්ෂේත්‍රයේ බුද්ධිමය අයිතිය පිළිබඳ කමිටු වාර්තා ත්‍රිත්වය ජනපතිට වෙත

Must read

ටෙලි නාට්‍ය සහ සංගීත ක්ෂේත‍්‍රයේ බුද්ධිමය අයිතිය පිළිබඳ කමිටු වාර්තා ත්‍රිත්වය ඊයේ(03) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විය. එහිදී අදහස් දක්වමින් ජනපතිතුමන් සදහන් කර සිටියේ රටේ අනාගතය වෙනුවෙන් මුළු මහත් ජනතාව යහපත් ගමනක් ගෙන යාමට කලාකරුවන් ඇතුළු ක්ෂේත‍්‍රයේ සියලූදෙනාට පුළුල් කාර්යභාරයක් පැවරී ඇති බවයි.

ප්‍රවිණ රංගන ශිල්පිනී දිපානි සිල්වා මහත්මිය ප්‍රමුඛ ප‍්‍රවීණ කලාකරුවන් පිරිසක් විසින් දේශීය ටෙලිනාට්‍ය පිළිබඳ කමිටු වාර්තාව මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන් වූ අතර ජනාධිපතිතුමා එය මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වෙත භාර දුන්නේය.
දේශීය සිනමාව නගාසිටුවීම පිළිබඳ කෙටුම්පත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූයේ චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා විසිනි. ජනාධිපතිතුමා විසින් එම කෙටුම්පත රාජ්‍ය පරිපාලන, කළමනාකරණ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත භාර දෙනු ලැබීය.
සංගීත ක්ෂේත‍්‍රයේ ගීත රචකයින්, සංගීතඥයින්, ගායක ගායිකාවන් සඳහා වූ කර්තෘ භාගය සම්බන්ධ බුද්ධිමය අයිතිය පිළිබඳ කමිටු වාර්තාව කමිටු සභාපති ජනාධිපති අතිරේක ලේකම් බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා විසින් එය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් කේ.ඞී.එන්. රංජිත් අශෝක මහතා වෙත භාර දෙන ලදී.මෙම වාර්ථාවන් අදාල අමාත්‍යංශ වෙත භාරදෙමින් ජනපතිතුමන් සදහන් කලේ මෙම කමිටු වාර්තාවල නිර්දේශ ඉදිරියට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ආයතන ප්‍රධානීන් නිසි ලෙස සිය වගකීම් ඉටුකරන ඇති බව තමන් විශ්වාස කරන බවයි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article