Sunday, May 19, 2024

ශ්‍රිලනිපෙ යළිත් කැඩෙයි .

Must read

22-Mahinda-Rajapakse-afpඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගයේ විවාදය සහ ජන්දය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්ජනය කරන බව රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි සඳහන් කළත් ශ්‍රීලනිප ය එවැනි තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කරන බව නිව්ස්ටියුබ් වෙබ් අඩවිය දක්වි සිටි.

ඒ බව සඳහන් කරමින් ලක්ෂමන් යාපා අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල මතය වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ජන්දය භාවිතා කිරීම බවය. එම මතය කොහෙත්ම වෙනස් වී නොමැති බවද ඔහු සඳහන් කර ඇත.

මේ අතර ඩිලාන් – ලක්ෂ්මන් ඇතුළු පිරිසක් ඒකාබද්ධ විපක්ෂයේ ගෝඨාභය පාර්ශවයට යැමට නියමිත බව දේශපාලන කවයන් හි පසුගිය දින කිපයපුරාම කථාබහට ලක්වෙමින් තිබුණි.
කෙසේ වෙතත් මේ විශ්වාස භංගය ඒකබද්ධ විපක්ෂයේ ඇති පිළ් බෙදිම මෙන්ම ශ්‍රිලනිප පිල් බෙදිමද පැහැදිලිවම කරලියට එමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article