Sunday, May 19, 2024

රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමයෙන් හෙට දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක්

Must read

image_1510491997-ec82fc7e01වැටුප් විශමතාවයන් ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට දිනයේදී දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එලෙසම මෙම ඉල්ලීම් සදහා නිසි විසදුම් රය මගින් නොලැබුණහොත් ඉදිරියේ දිනයක් දීපව්‍යාප්ත  වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමටත් තම සංගමය බලාපොරොත්තු වන බව ඒ සංගමය දැනුම්දී තිබෙනවා.මෙම සංකේත වැඩවර්ජනය හෙට උදෑෂන 8ට ආරම්භ වීමට නියමිත අතර මාතෘ රෝහල්,පිළිකා රෝහල,රිජ්වේ ආර්යා ළමා රෝහල,යුධ හමුදා රෝහල්  වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන අතර වෘක්කවේදී,රුධිර කාන්දුකරන,බද්ධකිරීමේ ඒකක වල හදිසි ප්‍රතිකාර ක්‍රියාත්මක වනු ඇති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article