Sunday, May 19, 2024

පෙබරවාරි 04 වෙනිදා සිට පුද්ගලික රෝහල් නියාමනයට පියවර ගැනේ !

Must read

 521472rajitha-senarathne
එළැඹෙන පෙබරවාරි 04 දා වන විට පෞද්ගලික රෝහල් නියාමනය කරමින් පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට පුර්ණ සහනයක් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
රුපියල් මිලියන 3400 ක් වැය කරමින් බේරුවල මුලික රෝහලේ ඉදිකිරීමට යෝජිත නව මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කොට ඇත.
“බේරුවල රෝහල මුලික රෝහලක් ලෙස සංවර්ධනය කරනවා. මෙම රෝහල බෝඩ් ලෑල්ලට පමණක් මුලික රෝහලක් වන්නේ නැහැ. ජනතාවට අවශ්‍ය ශල්‍ය, ළමා, නාරිවේද, වෛද්‍ය යන ක්ෂේත්‍ර සඳහා විශේෂඥ වෛද්‍යවරුන් ද ලබාදෙනවා. මෙම රෝහලේ අඩුපාඩු සකස් කිරීම සඳහා රුපියල් මිලියන 100 ක් මීට පෙර වැය කර තිබෙනවා. අලුත්ගම රෝහල සහ දර්ගා නගර රෝහල ද සංවර්ධනය කරනවා. කළුතර මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට ද කටයුතු කර තිබෙනවා. හදිසි අනතුරු අංශය, රුධිර පාරවිලයන මධ්‍යස්ථාන, ළමා හා මාතෘ රෝහල ඇතුළු සියලු ම අංශ මෙහි සංවර්ධනය කරනවා” යැයි ද කීය.
ශ්‍රී ලංකාවේ දෙවන ළමා හා මාතෘ රෝහල කළුතර ගල්අස්ස ප්‍රදේශයේ ඉදිකිරීමට කටයුතු කරන බවත් පානදුර රෝහල රුපියල් මිලියන 2600 ක ජර්මන් ණය ආධාර යටතේ සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදුනි.
“ඖෂධ හිඟයක් රෝහල් තුළ නැහැ.අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කර තිබෙනවා. එම මිල අඩු කළේ ද ඖෂධ සමාගම්වල බලපෑම් යටතේ යි. ඖෂධ මිල අඩු කළ අවස්ථාවේ දී සේනක බිබිලේ මහතාගේ බිරිද ප්‍රකාශ කළා මහාචාර්ය සේනක බිබිලේ මහතා අද යළි ඉපදුනා කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක සෞඛ්‍ය දිනය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකාව තරම් සුදුසු රටක් නැහැ කියලයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ. ජනතාව වෙනුවෙන් ගත් තීන්දු තීරණ මම අකුරට ක්‍රියාත්මක කරනවා. එම නිසා මා සමග දුම්කොළ, ඖෂධ සමාගම් තරහයි. ස්ටෙන්ස් සහ අක්ෂි ගෙන්වන සමාගමුත් තරහයි” යැයි ද වැඩිදුරටත් පැවසීය.
news.lk
Read 55 times

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article