Sunday, May 19, 2024

මැතිවරණ නීති උල්ලංඝණය කල ගුරුවරයෙකු අත්අඩංගුවට

Must read

තම තැපැල් ඡන්දය සලකුණු කල ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකිරීම හේතුවෙන් ගුරුවරයෙකු කැබතිගොල්ලෑව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සිදුවීම සිදුව ඇත්තේ පසුගිය 27 වන සෙනසුරාදා දිනයේචී හොරොව්පාන ප්‍රදේශයේදීයි. 44 හැවිරිදි මෙම ගුරුවරයා ඡන්ද මධ්‍යස්ථානය තුල සිටියදීම තමන්ගේ ජංගම දුරකථනය භාවිතා කරමින් තමන්ගේ ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකර ඇති අතර එය දුටු ඡන්ද මධ්‍යස්ථානය භාර නිලධාරීවරයා ඒ බව පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article