Sunday, April 28, 2024

මුස්ලිම් ප්‍රජාවගේ ආගමික විශ්වාසවලට නින්දා කළ ඥානසාර හිමියන් වසර හතරක් හිරේට

Must read

ඥානාර හිමි – ඡායාරූපය = බිබීසි සිංහල සේවය

කූරගල රජමහා විහාරයේ කළ ප්‍රකාශයක් නිසා, මුස්ලිම් ප්‍රජාවගේ ආගමික විශ්වාසවලට නින්දා කළ බවට චෝදන ලැබ සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ වසර දෙකක සිර දඬුවම් දෙකක් ලෙස ක්‍රියාත්මක වන ආකාරයටයි.

මෙම නඩුවට අදාළව ඥානසාර හිමියන්ට එරෙහිව අධිචෝදනා බාර දුන්නේ, ඉකුත් 2020 වසරේ ඔක්තෝබ‍ර් 21 වැනි දා යි.

2016 වසරේ කොළඹ දී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක දී, කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර තිබුණා.

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article