Thursday, May 9, 2024

මිදිගමදි ජිවිත හැර ගිය රුසියානු යුවළ

Must read

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේදි රුසියානු ජාතික යුවළක් ගමන් ගත් ස්කූටි වර්ගයේ යතුරු පැදියක් ඊයේ(30) පස්වරුවේ අනතුරට පත්විමෙන් එම යුවල ජිවිතක්ෂයට පත්ව ඇතැයි මිදිගම පොලීසිය පවසයි.

විදේශික යුවල ගමන් කල යතුර පැදිය මාතර සිට කොළඹ ධාවනය වු පෞද්ගලික බස් රථයක් මිදිගම ප්‍රදේශයේදි ඉස්සර කිරිමට යාමේදි බස් රථයේ ගැටි ඇති අතර බස් රථයෙන් ගැටීමෙන් අනතුරුව අහංගම සිට වැලිගම දෙසට ධාවනය වූ ලොරි රථයකද ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මිදිගම පොලිස් මාර්ග බාධක ඉදිරිපිට දී මෙම අනතුර සිදු වු අතර යතුරු පැදියේ ගමන් කල රුසියානු ජාතික යුවළ අතරින් වයස අවුරුදු 27 වන පිරිමි පුද්ගලයා අනතුර සිදු වන අවස්ථවේ ආරක්ෂික හිස් වැසුමි නොපැලද සිට ඇති බවට තොරතුරු අනාවරණය වන බව පොලිසිය කියයි .

අනතුරින් මිය ගිය අනෙක් පුද්ගලයා වන්නේ වයස 34 වන විදේශික කාන්තාවකි

ඔවුන්ගේ මෘත දේහයන් මාතර මහ රෝහලයේ මෘත ශාරිරාගාරයේ තැන්පත් කොට ඇති අතර අනතුර සම්බන්ධයෙන් මාතර සහ අහංගම පදිංචි බස් රථයේ රියදුරු සහ ලොරි රථයේ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අනතුර සමඟ කෙටි වේලාවක් ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදයක් ද පැවතිණි .

(උපුටා ගැනිම news 9ෆේස්බුක් පිටුවෙනි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article