Thursday, May 9, 2024

හිටපු හමුදා ලොක්කන්ගේ දේශපාලන ආගමනය සහ දමිළ බස කතාකරන ජනයාගේ අනාගතය .

Must read

අනාගතයේ රටභාරගන්නවා යැයි කියන බලවේග දෙකක් මේ දිනවල තරඟයට මෙන්ම හිටපු හමුදා නිලධාරින් ව සිය පක්ෂවලට බදවා ගනිමින් ඉහලම තනතුරු පවා ලබාදෙන්නට කටයුතු කරමින් සිටිති

දශක තුනකටත් වැඩි කාලයක් පුරා විශාල ජිවිත ගණනක් මෙන්ම දේපල හානිද සිදුකරන්නට යෙදුන ම්ලෙච්ඡ යුද්ධයෙන් දැවැන්ත පිඩාවකට මෙන්ම අහිමි විම්වලට මුහුණ දි සිටින දමිල බස කතා කරන ජනයාට තවමත් යුක්තිය ඉටුවි නැත.

ඔවුන්ගේ අභිලාෂයන් මුදුන් පමුණුවන දේශපාලන විසදුමක් ගැනද කිසිදු බලාපොරොත්තුවක් ද නොමැත.දකු⁣ණේ සියලු දේශපාලකයන් තරඟයට මෙන්ම උතුරේ සහ නැගෙනහිර ජනයා රව⁣ටාලමින් සිටිති.
ඊනියා ප්‍රගතිශිලින් බහුතරයක් සහ වාම බලවේගයන්ද දකුණ පමණක් ඉලක්ක කොට ගෙන සිය දේශපාලනය  ක්‍රියාත්මක කරමින් සිටිති.සිවිල් සමාජයටද උතුරු නැගෙනහිර ගැන සඳහන් කළ විට මඩ් පිරෙන්නට යුරෝ සහ ඩොලර් යහමින් ලැබෙයි.⁣

මේ සියල්ල පසුබිමේ තිබියදි දැන් හමුදා නිලධාරින්ගේ දේශපාලන ආගමනය විසින් දමිල බස කතා කරන ජනයාට තවත් පණිවිඩයක් ලබා දෙමින් තිබේ.ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර ඉතා පැහැදිලි ලෙස බලය බෙදිම ගැන ජවිපෙ ස්ථාවර ය හිටපු හමුදා ලොක්කන් පැහැදිලි කර තිබුණි.

දැන් සජිත්ද ගෝඨාභයේ සමිපතම හමුදා ලොක්කෙක් ඉහල තනතුරු වලට ඔසවා තැබිමට කටයුතු සැලැසුම් කරමින් සිටි.
සජිත් ප්‍රේමදාසගේ හමුදා ආලය ගැන සරත් පොන්සේකා කියා තිබුනේ ඔහුට දැන් ගන්නට ඉතිරිව ඇත්තේ ගෝඨාභය පමණක් බවය.
සජබෙ ඉහල තනතුරක් දමින් සිටින සරත් පොන්සේකා ප්‍රකාශයෙන් කියැවෙන්නේ දමිල ජනයා ගැන සජිත්ලාගේ ස්ථාවරයේ දිග පළලයි

මේ අතර හිටපු හමුදාපති සරත් පොන්සේකා සජබෙට සිග්නල් දමා මාලිමාව දෙසට කරකැවෙමින් සිටිතැයි දේශපාලන විචාරකයන් පවසති

මේ හමුදා ආගමනයන් වල යථර්ථය තුල දමිළ දේශපාලන නායකත්වය සිය ජනයා හමුවේ ඉදිරිපත් කරන්නට නියමිත දේශපාලන වැඩපිලිවෙල තුල මිළග ජනපති සටනේ තිරාණාත්මක තැන් ලකුණු ව්මට පටන්ගනු ඇත

සමාජ ක්‍රියාකාරිකයෙකු වන නිතිඥ නාමල් රාජපක්ෂ සිය ෆේස්බුක් පිටුවේ මෙහෙම සටහනක්ද තබා තිබුණි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article