Thursday, May 9, 2024

අනුරලාගේ බලය බෙදිම ගැන ස්ථාවරය හිටපු හමුදා නිලධාරින්ට පැහැදිලි කරයි?

Must read

රට ගොඩනැගීමට උතුරේ ජනතාවට ආරාධනා කළ යුත්තේ බලය බෙදන විසඳුම් ගැන කියා නොව එකට එක්වී සටන් කර පවතින ව්‍යසනයෙන්

මිදීමට බව ජාතික ජන බලවේගයේ නායකයා ත්‍රිවිධ හමුදා නිලධාරින්ට ප්‍රකාශ කර තිබෙන බව ද ලිඩර් වෙබ් අඩවිය වාර්තා කර.තිබේ.

“අපි උතුරේ ජනතාවට ආරාධනා කළ යුත්තේ 13 දෙන්නම් කියලා නොවෙයි, ෆෙඩරල් දෙන්නම් කියලා නොවෙයි. මේ ව්‍යසනයෙන් මිදීම සඳහා අපි එකතු වී සටන් කරමු කියලයි.” අනුර කුමාර දිසානායක පසුගිය 27 වෙනි දින මාතරදී පවත්වන ලද එම දිස්ත්‍රික්කයේ අදිටන ත්‍රිවිධ හමුදා සාමුහිකයේ සමුළුව අමතමින් කියා සිටි බව එම පුවතේ වැඩිදුරටත් සඳහන්ය.

ඉන්දීය පාලකයන් ජාතික ඒකාග්‍රාතාවක් ඇති කර ජාතිය එකට නැගී සිටවන ඉතිහාසයක් ලියන විට මෙරට ජනයාට ගැටුම්කාරී ඉතිහාසයක් ගැන ලියන්නට සිදුව ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.

“පුරවැසි පනත ගෙනත් කඳුකරයේ ජනතාව රටක් නැති තත්වයට පත් කළාම දෙමළ රාජ්‍ය පක්ෂය නිර්මාණය කරන්න චෙල්වනායගම් මහත්තයා ඉදිරිපත් වුණා. 1956 සිට භාෂා ප්‍රශ්නයක් ඇද ගැනීමෙන් 58 වෙනකොට සිංහල, දෙමළ කෝළාහලයක් ආවා. ශ්‍රී අකුරේ කළුතෙල් ගාන්න පටන් ගත්තා. 1970 මැද වෙනකොට උතුරේ සන්නද්ධ ව්‍යාපාරයක් ආරම්භ වෙනවා. 2009 යුද්ධය ඉවර කළත් 2019 පාස්කු ප්‍රහාරය එල්ල කරනවා. අපේ පාලකයෝ නිර්මාණය කළේ ගැටුම් ඉතිහාසයක් වුණත් ඉන්දියාවේ පාලකයෝ නිර්මාණය කළේ ඒකාග්‍රතාවයක්. ජාතිය එකට නැගී සිටවන ඉතිහාසයක් ඔවුන් ලියන කොට, ගැටුම්කාරී ඉතිහාසයක් අපිට ලියන්න සිදුවී තිබෙනවා.”

ලෝකයේ රාජ්‍යයන් විසිවැනි සියවසේ දැවැන්ත දියුණුවක් කරා යන අතර, මෙරට සියවස අත්හැර දැමු බව පෙන්වා දෙන අනුර කුමාර දිසානායක ලෝකයේ ඇතිවී තිබෙන නූතනත්වයට ගැලපෙන ශ්‍රී ලංකාවක් ගොඩනැඟිය යුතු යැයි අවදාරණය කළේය.

ඒ සඳහා හුදු ආණ්ඩු මාරුවක් වෙනුවට නව පරිවර්තනීය යුගයකට රට ගෙනයන නව පාලනයක් මෙන්ම ඒ වෙනුවෙන් ජාතිය යළි අවදි කර ජාතිය ඒකාබද්ධතාවයකට යා යුතු බවයි ඔහු අවධාරණය කර ඇත.

නව පුනරුද යුගයකට බලයේ සුක්කානම ජන බලවේගය අතට ගත යුතු බවත් ඉන් පසුව ආරම්භ වන්නේ ප්‍රශ්න විසඳීම මිස අවසානය නොවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පවසා තිබුණි.

ජාතික ජනබලවේගය බලය බෙදිම පිලිබදව හිටපු හමුදා නිලධාරින් පිරිසක් ඉදිරියේදිම මේ ආකාරයෙන් ප්‍රකාශ කර තිබිම ඉතිහාසය පුරාම සුලු ජාතින්ගේ ප්‍රශ්ණය ගැන මෙන්ම බලය බෙදිම ගැන ජවිපෙ ස්ථාරවය යළි සමාජ ගත කිරිමක් බව නම සඳහන් කිරිමට අකමැති වු පැරණි වාමාංශික ක්‍රියාකාරිකයෙකු අප කළ විමසුමකදි පවසන්නට යෙදුණි.

මෙවර ජනපති සටනට අදාලව උතුරේ සහ නැගෙනහිර දමිල බස කතා කරන ජනයාගේ දේශපාලනික තේරිම වඩාත් තීරාණාත්මක සාධකයක් බව මේ දිනවල දකුණේ දේශපාලන කව වලද ප්‍රධාන මාතෘකාවකි.

බලය බෙදාගැනිමට ජාතික ජනබලවේගය අකමැති බව හමුදා නිළධාරින් ඉදිරියේදිම ප්‍රකාශ කිරිම තුල එදා මෙදා තුර ජවිපෙ ගැන දමිල බව කතා කරන ජනයා තුල වු අපුල තවදුරටත් වැඩිව්මට අනිවාර්යයෙන්ම බලපානු ඇත.

රාජපක්ෂ රෙජිමය යුද්ධයකට තල්ලු කිරිමට පෙරමුණ ගත් දේශපාලන බලවේගය ලෙස ජවිපෙ ගැන එදා සිටම උතුරුරේ සහ නැගෙනහිර තිබුනේ විරෝධයකි..

ජවිපෙට පමණක් නොව පෙරටුගාමින්ට පවා උතුරු නැගෙනහිර දමිල බස කතා කරන ජනයාගේ පිඩාව ගැන කිසිදු තැකිමක් නොතිබුන බව ඉතිහාසය පුරාම ඔවුන් කළ කි දැ වලින් වඩ වඩාත් පැහැදිලි වි තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article