Sunday, May 19, 2024

ශ්‍රී ලංකාවේ තේ ගැන ජපානයෙනුත් පැමිණිල්ලක්

Must read

ceylon tea

ජපානය වෙත අපනයනය කරන ඇතැම් තේ වර්ග තමන්ගේ රටේ තත්වයන්ට නොගැලපෙන බවට ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී තිබෙනවා. මෙම දැනුම්දීමට හේතු වී ඇත්තේ  තේ වල රසායනික සංඝටයක් එරට නියමිත ප්‍රමිතීන්ට වඩා වැඩියෙන් පැවතීම බවයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සදහා කරන්නේ.අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලේ මෙම ගැටළුව සම්බන්දයෙන් මේ වන විට සකච්ඡා ආරම්භ කර ඇති අතර ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිතුමන් මේ මස අවසානයේදී ජපානය බලා පිටත්වීමට නියමිත බවයි.

ජපානය විසින් මේ සම්බන්දයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇගවීමක් සිදුකර නැතිබවත්,අපනයනය කරන තේ වල අඩංගු MCPA යන රසායනිකය ඇතැම් තේ තොග වල තම රටේ ප්‍රමිතීන්ට වඩා වැඩියෙන් අඩංගු වන බව ඔවුන් විසින් දන්වා ඇති බවත් කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සදහන් කර සිටිනවා. ඒ මහතා වැඩිදුරටත් සදහන් කරන්නේ මෙරට අපනයනය සදහා තේ නිශ්පාදනය කරන්නේ යුරෝපීය ප්‍රමීතීන්ට අනුකූලව බවත් ජපානයේ පලිගැනෙන ප්‍රමිතීන් යුරෝපීය ප්‍රමිතීන්ට වඩා ඉහළින් ඇති බැවින් මේ ආකාරයේ ගැටළුවක් ඇතිවී ඇති බවයි.

මේ වන විට මෙම ගැටළුව විසදීම සදහා ශ්‍රී ලංකාව විසින් ජපානයෙන් මස 6ක පමණ කාලයක් ඉල්ලා ඇති අතර එම කාලය තුල ජපානයේ ප්‍රමිතීන්ට ගැලපෙන වෙනත් රසායනිකයක් තෝරා ගැනීමට බලාෙපාරොත්තු වන බවද අමාත්‍යවරයා සදහන් කර සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article