Saturday, May 18, 2024

මාධ්‍ය නිවේදනයයි : බස් මිල සුත්‍රයත්, අර්ධ සුඛෝපභෝගී තහනම මෙන් මුසාවක්ද?

Must read

 

ඉන්ධන සඳහා පවතින මිල සූත්‍රයට සමාන නව බස් ගාස්තු ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කරමින් පවතින බවත් ලබන ජූලි මාසයේ සිදු කිරීමට නියමිත නව බස් ගාස්තු සංශෝධනයට පෙර මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්. ඒ. පී. ප්‍රේමචන්ද්‍ර විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

මෙම තීරණය පිළිබඳව මෙරට මගී ජනතාව නියෝජනය කරන අප සංගමයේ ප්‍රසාදය පළ කරන නමුත්, පසුගිය වසරේ (2018) දෙසැම්බර් 31 වැනිදායින් පසුව අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවසන් කිරීමට ජාතික ගමනාගමන කොමිසම ගත් තීරණය මෙන් තවත් මගී ජනතාව රැවටීමට කරන ලද ප්‍රකාශයක් ද යන සාධාරණ සැකය අප වෙත මතුව තිබේ.

විශේෂයෙන් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව තුල පවතින ගැටලු හේතුවෙන් මගී ජනතාවගේද දැඩි විවේචනයකට ලක්ව තිබෙන අන්තර් පළාත් බස් සේවාවක් ලෙස ක්‍රියාත්මක වන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමට රජය විසින් වහාම කටයුතු කළ යුතු බව නැවත අප අවධාරණය කරන අතර මගී ජනතාවට ඉහල මට්ටමේ ප්‍රවාහන සේවයක් ලබාදීමට කටයුතු කරන ලෙසත් අප ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි,
මීට,
විශ්වාසී,

All Ceylon Bus Passengers Association

විමුක්ති දුෂාන්ත,
කැඳවුම්කරු,
සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය

ගැමුණු පරණවිතාන,
ලේකම්,
සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය

2019.01.03.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article