Saturday, May 18, 2024

යළිත් ජනපති සිරිසේනගේ නාඩගමක් !හදිසි කැබිනට් සංශෝධනයක් ! ITN කැරැල්ලත් ජනපති සිරිසේනගේ වැඩක් ?

Must read


එන එන විදිහට ගහ උළුවස්සා කියන්නාන් මෙන් ජනපති සිරිසේන එන එන තත්වයන් හමුවේ බලතන්හාව නිසා යලිත් අමු පිස්සු නාඩගමක් පෙන්වීමේ සුදානමකින් පසුවන බව දැන ගැනීමට තිබේ. ඒ අගමතිවරයාගේ නිර්දේශයන් පසෙකලා යළිත් හිතුවක්කාර ලෙස කැබිනට් ඇමැතිධුර සංශෝධනයක් කිරීමට දරණ උත්සාහයයි.
විශේෂයෙන්ම ජනමාධ්‍ය අමාත්‍යංශය මංගල සමරවීර ඇමැතිවරයගෙන් ගලවා දැමීම සඳහා මෙහිදී කටයුතු සම්පාදනය වෙමින් තිබේ.
රාජ්‍ය මාධ්‍ය තමන්ගේ අනසකට ගැනීමේ අභිප්‍රායෙන් මෙම කටයුත්ත සිදු කෙරේ. ජනාධිපතිවරයා ලෙස ජනමාධ්‍ය විෂය ඔහු යටතේ තබා ගැනීමට ව්‍යස්ථාවෙන් අයිතියක් නොමැත. එහෙත් පසුගිය කාලය පුරාම රාජ්‍ය මාධ්‍ය ආයතන කිහිපයක් තමන් යටතට පත් කර ගැනිමට සිරිසේන දැඩි උත්සහයක් ගත් නමුත් එය මංගල සමරවීර ඇමැතිවරයා විසින් වලක්වාලනු ලැබීය.
මේ තත්වය මත අයි ටී එන් නාලිකව තුල අර්බුදක් ඇති කිරීමට මේ වන විට ජනපති සිරිසේන සහ මහින්ද පාර්ශ්වය සමත් වී තිබෙන අතර එය දඩමීමා කරගෙන එම ආයතනය තමන් වෙත පවරා ගැනීමේ උත්සාහයක්ද ක්‍රියාත්මක වෙමින් තිබේ. එම ආයතයේ තුල පොහොට්‍ටු පක්ෂ සාමාජිකයන් හරහා කැරළි කාරී ත්‍රාඩ ව්‍යාපාරයක් දියත් වූ අතර එය පාලනය කිරීම සඳහා පරිපාලනය විසින් පොලිසිය කැඳ වූ නමුත් එය ආපසු හැර වීමට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් කටයුතු කර තිබිණි. හේමසිරි මීට පෙර අයි ටී එන් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අයෙකු වන අතර මේ වන විට ක්‍රියාත්මක පොහොට්‍ටු කැ‍රැල්ලේ ප්‍රධානින් කිහිප දෙනකුම හේමසිරි සමඟ හවසට අඩියක් ගැසීමට එකතු වෙන්නන් බව ප්‍රසිද්ධ කරුණකි.
මේ කැරළි කරුවන්ට එරෙහිව මේ වන විටත් පොලිසිය්ට පැමිණිලි 3 ක් සිදු කර ඇත. විධායක නිළධාරී චන්දන තිලකරත්න, සාමාන්‍යධිකාරී අරුණ මුර්ති විජේසිංහ ( මොහු පැමිණිල්ලක් ගොනු කළේ ආයතන අධ්‍යක්ෂ මණ්ඩලයේ නිර්දේශය මත වන නමුත් මොහුද මේ කැ‍රැල්ලෙ එක් ප්‍රධානියෙකි. එහෙත් ආයතනයේ සාමය පවත්වාගෙන යෑමේ වගකීම ඔහු සතු නිසා ඔහුට එම පැමිණිල්ල සිදු කිරීමට සිදුව තිබිණි.) එසේම ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් – නියොජ්‍ය සාමන්‍යාධිකාරී සුභෂ් ජයවර්ධන ද පොලිස් පැමිණිල්ලක් ගොනු කර තිබේ. එහෙත් මේ කිසිදු පැමිණිල්ලක් සම්බන්ධයෙන් හෝ පොලිස් විමර්ශනයන් ක්‍රියාත්මක කිරීමෙන් වලකින ලෙස ඉහලින් මේ වන විට පොලිසියට නියෝග ලැබි ඇති බවටද කථා පැතිර යමින් තිබේ.
මේ අතර ජනාධිපතිවරයාගේ කුමන්ත්‍රණයට නිරන්තරයෙන් සහයොගය දෙන සිරස නාලිකාවද අයි ටී එන් අර්බුදයේදී සිරිසේනගේ පාර්ශ්වයට පක්ෂපාත ලෙස පුවත් විකාශය කරමින් තිබේ. සුපුරුදු පරිදි සිරස අධිපති කිලී මහරාජාගේ වැ‍ටුප් ලැයිස්තුවේ සිටින ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක හා නොම්මර එකේ එන්ජීඕ ඩොලර් කපුටෙක් වන රජිත් කිර්ති තෙන්න්කෝන් නැමැත්තාද මෙ කුමන්ත්‍රණය ජය ගැනීම වෙනුවෙන් වෙහෙසෙමින් තිබේ. අය් ටී එන් ආයතනය කෙසේ හෝ සිරිසේන අතට ගත යුතු බවට තවත් ජනාධිපති උපදේශකයකු වන දීප්ති කුමාර ගුණරත්න නැමැත්තාද ඔහුගේ ස්වාමිදුව වන චතුරිකා සිරිසේන හරහා ජනාධිපති තාත්තාට දැඩි බලපැමක් කරමින් සිටී.
මහ දවල් ව්‍යස්ථාව උල්ලංඝණය කරමින් නීති විරෝධීව කටයුතු කළ විලි ලැජ්ජාවක් නැති ජනාධිපති සිරිසේන යළිත් එලෙසම හිතුවක්කාරී ලෙස කැබිනට් සංශෝධනයක් ද ගෙන එමින් අණ්ඩුවේ වැඩ පිලිවෙල කඩාකප්පල් කිරීමට කටයුතු කිරීමේ සූදානමකින් පසුවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article