Sunday, May 19, 2024

මහ ඇමති චාමර ජනපති විකුණයි! පෙබ. 1 මානව හිමිකම් එන්න බෑ කියයි !

Must read

 
 
chamara-sampath-dasanayake-260x164ජනාධිපතිතුමා මහියංගනයට එන නිසා ගරුවරිය දණ ගැස්සවූ ප්‍ර‍ධාන ඇමති චාමර සම්පත් දසනායකට පෙබ. 1 මානව හිමිකම් එන්න බෑ ලු එසේ කළ නොහැකියි.  ඔබගේ සිතාසියට අනුව කටයුතු කළ යුතුයි – කොමිෂන් සභාව කියයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහියංගනයේ රැස්වීමක් සදහා පැමිණෙන හෙයින් මානව හිමිකම් කොමිෂන් සභාවේ විසින් නිකුත් කළ සිතාසියට අනුව පෙබරවාරි 1 දින සාක්ෂි ලබාදීමට පැමිණිය නොහැකි බැවින් වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඌව ප්‍ර‍ධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක කොමිෂන් සභාවට ලිපියක් යොමු කර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලුණුගල හා හපුතලේ රැස්වීම් පැවැත්වෙන බව ද ඒවා පෙර සුදානම් කළ රැස්වීම් බව ද, මහ ඇමති ලිපියේ සදහන් වේ.

‘‘ගුරුවරිය දණ ගැසු මහඇමතිවරයා තමන් විසින් වරදක් කර නැති නම් ඒ බව තහවුරු කිරීමට ඇති හොදම අවස්ථාව මග හැරීමට උත්සහ දරන්නේ මේ වන විට මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශනවලදී සත්‍ය හෙළිදරව් වී ඇති නිසා බව හොදින්ම පැහැදිලි නිසා යැයි‘‘ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ, මෙම විමර්ශනයේ පැමිණිලිකරු කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

ප්‍ර‍ධාන අමාත්‍යවරයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍ර‍තිචාර දක්වා ඇති මානව හිමිකම් කොමිෂන් සභාව පනතේ 20 (3) වගන්තිය යටතේ ප්‍ර‍ධාන අමාත්‍යවරයාගේ ඉල්ලීමට ඉඩ ලබාදිය නොහැකි බව ප්‍ර‍කාශ කර පිළිතුරු ලිපියක් යවා ඇත. යම් පුද්ගලයෙකු තමන් සන්තකයේ ඇති සාක්ෂි ලබාදීම පැහැර හරින්නේ නම් ඔහු මානව හිමිකම් කොමිෂන් සභාවේ අධීකාරීත්වයට හානි කරන පුද්ගලයෙකු ලෙස සලකා කටයුතු කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාවට හැකිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article