Monday, September 14, 2026
spot_img

මහියංගණයේ පාලමක් කඩා වැටෙයි !

Must read

මහියංගණය විස්ස කණුව සිට රෝහණ හන්දියට යන අතුරු මාර්ගයේ පිහිටි පාලමක් අද (02) අලුයම   සම්පූර්ණයෙන් කැඩී ගොස් ඇතැයි මහියංගණය ප්‍රාදේශීය ලේකම් සංජය වීරසිංහ මහතා පැවසු  බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ

වර්ෂාව  අධික වීම හා  මහියංගන  දම්බරාව ඔයේ ජල මට්ටම ඉහළ යාම  නිසා  පාලම සම්පූර්ණයෙන් කඩා වැටී  ඇති බව ද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

මේ අතර  මහියංගන රොටලවෙල  ආශ්‍රිතව  සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් පොලිසිය  වාරිමාර්ග අංශ මහවැලි අධිකාරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා එක්ව ආරක්ෂිත  පියවර ගෙන ඇති බවද මහියංගන ප්‍රාදේශීය ලේකම් සංජය වීරසිංහ මහතා වැඩිදුරටත් පවසා තිබුණි

මුලාශ්‍රය – ලංකාදිප

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article