Thursday, May 9, 2024

තලෙයිමන්නාරම සෙල්වේරි ගම්මානයේ නිවසක පුද්ගලයෙකුගේ මළසිරුරක්

Must read

 

තලෙයිමන්නාරම පොලිස් වසමට අයත් සෙල්වේරි ගම්මානයේ නිවසක තිබී පවුලේ සාමාජිකයෙකුගේ මළ සිරුරක් අද (28) පෙරවරුවේ සොයා ගෙන තිබේ. ගොඩගත් මළ සිරුර මරියදාස් රොනල්ඩ් රේගන් (වයස 43) නමැති දරුවන් දෙදෙනකු සමඟ කම්කරුවෙකු ලෙස හඳුනාගෙන ඇත. පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම ගම්මානයේ නිවාස 20කට අධික ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇත.

මේ තත්ත්වය තුළ වර්ෂාවෙන් හා ගංවතුරින් විපතට පත් තම නිවසේ 26 වැනිදා රාත්‍රියේ වැඩ නිමකර ඔහු නින්දට ගොස් ඇත. එම පුද්ගලයා පසුගිය දින දෙකේ සිට අතුරුදන්ව සිට ඇති අතර මියගිය පුද්ගලයාගේ මිතුරෙකු අද (28) පෙරවරුවේ ඔහුගේ නිවසට ගොස් සිටියදී වැස්සට යටවී මියගොස් සිටියදී හමුවී තිබෙනවා. පසුව එම පුද්ගලයා වහාම මියගිය අයගේ බිරිඳට සහ දරුවන්ට ඥාතීන්ට දන්වා තලෙයිමන්නාරම පොලිසියට තොරතුරු ලබාදී ඇත. ඔහුගේ සිරුර ජලයෙන් ගොඩගෙන නිවස අසල තබා ඇත.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි තලෙයිමන්නාරම පොලිසිය සහ අධිකරණ වෛද්‍ය පොලිසිය පරීක්‍ෂණ සිදුකරන අතර මෘත ශරීරය වැඩිදුර පරීක්‍ෂණ සඳහා මන්නාරම දිස්‌ත්‍රික්‌ මහ රෝහල වෙත යවා ඇත.

වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් ඔහුගේ බිරිඳ සහ දරුවන් අසල නිවසක රැඳී සිටියදී ඔහු සිය නිවසේ නිදා ගැනීමට ගොස් ඇති අතර අද (28) ඔහු මියගොස් සිටියදී හමුවී තිබෙනවා.මෙම පුද්ගලයාට එම පුද්ගලයා අපස්මාරය සඳහා ප්‍රතිකාර ලබමින් සිට ඇති බව වාර්තා වේ.

එස්.ආර්.ලැම්බර්ට්

 

 

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article