Thursday, May 16, 2024

මැතිවරණ වසර ඉලක්ක කර ගෙන ජාතිවාදය ආගම්වාදය වැපිරීමට ඉඩ නොදෙන බව ඇමති කියයි !

Must read

මෙම මැතිවරණ වසර ඉලක්ක කර ගෙන ජාතිවාදය ආගම්වාදය වැපිරීමට ඉඩ නොදිය යුතු බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  විජයදාස රාජපක්ෂ  පවසා තිබුණ බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර ඇත

නීතිය යාවත්කාලීන කිරීමට 2024 වර්ෂයේ  නව පනත් කෙටුම්පත් 60 ක් සම්මත කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා කීය.

2024 නව වසරේ  රාජකාරී කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති උත්සවයට එක්වෙමින්  විජයදාස රාජපක්ෂ  මේ බව පවසා තිබුණි

රාජ්‍ය සේවකයින් ලෙස සෑම වසරකම ප්‍රතිඥාව දුන්නත් රාජ්‍ය සේවකයා පිළිබදව පවතින්නේ යහපත් ආකල්පයක් නොවන බව අමාත්‍යවරයා කීය.

රටට අවශ්‍ය වෙනස හා මිනිස්සුන් ඉල්ලු වෙනස කරන්න කෑ ගැසූ අයට නොහැකි වුවද රජයට නිශ්ශබ්දව එම වෙනස කරන්නට හැකි වූ බව සඳහන් කළේය.

මේ අතර විශේෂයෙන්ම නැගෙනහිර ප්‍රදේශයේ පසුගිය කාලය පුරාවට එක්තරා හික්ෂුවක් චිවරයට පවා නිගා දෙන අන්දමින් හැසිරෙමින් ජාතිවාදිය පතුරුලිමට දිගින් දිගටම කටයුතු කිරිම පාලනය කිරිමට ඇමති පියවර නොගන්නේ නම් මේවා සුරංගනා කථා  පමණක් වන බව අප අමතා කථා කළ නැගෙනහිර ප්‍රදේශයේ මාධ්‍යවේදියකෙු කියා සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article