Thursday, May 2, 2024

බලහත්කාර අතුරුදහන්විමට ලක්වු වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය අදයි.

Must read

Print

Missing Peopබලහත්කාර අතුරුදන් විමට ලක්වු වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබේ. හදුනා නොගත් ස්ථානවල රදවා තබාගැනීම සහ ඥාතීන්ගේ දැණුවත් භාවයකින් තොරව හෝ විවිධ නෛතික හේතු මත අත්අඩංගුවට පත්ව පසුව අතුරුදන්වුවන් පිළිබඳ ජනතාවට අවබෝධයක් ලබාදීම සදහා මෙම දිනය ප්‍රකාශයට පත්කර තිබේ.

1981 දී කොස්ටාරිකාවේ පිහිටවු අත්අඩංගුවට පත්ව අතුරුදන්වුවන්ගේ ඥාතීන්ගේ සංවිධානය විසින් ලතින් අමෙරිකාවේ රහසිගත ලෙස අතුරුදන් කිරීම්වලට එරෙහිව මෙවැනි දිනයක් ප්‍රකාශයට පත් කළයුතු බවට යෝජනා කරන ලදී. අතුරුදන් වන පුද්ගලයන්ගේ ආරක්‍ෂාව සදහා වු ප්‍රඥප්තිය එක්සත් ජාතීන්ගේ සංවිධානය 1992 දෙසැම්බර් 18 වැනිදා සම්මත කළේය.
.අතුරුදන්වුවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරන විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ආරක්‍ෂක හමුදාවන්ට භාරවීමෙන් හා පැහැර ගැනීම්වලින් අතුරුදන්වුවන්ට සිදුවුයේ කුමක්ද යන්න දැනගතයුතු බවත් ඒවාට සම්බන්ධ පිරිස් නීතිය ඉදිරියට පමුණුවා අතුරුදන්වුවන්ට යුක්තිය ඉටු කළයුතු බවත් සදහන් කරයි.
අතුරුදන්වුවන්ගේ පවුල් එකතුව අද කොළඹ විහාරමහදේවී එළිමහන් රංග පීඨයේදී මහජන රැස්වීමක් සංවිධාන කර තිබේ. අතුරුදන්වුවන් සම්බන්ධයෙන් රජයේ ප්‍රතිඥා ඉටුකරන ලෙස ඉල්ලා සිටීම එහි අරමුණයි. අධිෂ්ඨාන ආලෝක පුජාවක්ද අද පස්වරුවේ පැවැත්වේ.

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article