Thursday, May 2, 2024

2016 හෙන්රි විස්කාර්ඩ් ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ සෙනරත් අත්තනායක මහතා අභාවප්‍රාප්ත වේ.

Must read

image_1503979027-084b75a465

ආබාධිත පුද්ගලයන්ගේ ආදර්ශමත් නායකත්වය වෙනුවෙන් පිරිනැමෙන 2016 හෙන්රි විස්කාර්ඩ් ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ හා ඌව පළාත් සභාවේ සභික  මෙන්ම නීතීඥරයෙකුද වන සෙනරත් අත්තනායක මහතා පසුගිය 29 වනදා අභාවප්‍රාප්ත විය. එතුමා මිය යනවිට 51වන වියේ පසුවූ අතර ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදිශිෂයෙකි.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයෙකු වූ ජයවර්ධන අත්තනායක මහතාගේ පුත්‍රයෙක්ද වන සෙනරත් අත්තනායක මහතා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ 1999 වසරේදීය. ඉන්පසු ඔහුගේ පියාගේ මරණයෙන් පසු ඌව පළාත් සභාවේ කෘෂීකර්ම,වාරිමාර්ග,පශුසම්පත්,ඉඩම් හා වනසංරක්ෂණ අමාත්‍යධූරයේ වැඩබලන ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන්ද සේනානායක මහතා කටයුතු කර ඇත.

ඔහු මියයන විට ලෝක සෞඛ්ය සංවිධානයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ ප්‍රථම ආබාධිත මිත්‍ර දිස්ත්‍රික්කය බවට පත් කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කළේය. එලෙස ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අයත් රාජ්‍ය පාර්ශවයන්ගේ 6 වන, 7 වන සහ 8 වැනි සමුළුවලදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සෙනරත් අත්තනායක මහතාට අවස්ථාව හිමිවිය.

ඒ මහාතගේ අවසන් කටයුතු අද (31) බිබිලේදී සිදුකිරීමට නියමිතය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article