Monday, May 20, 2024

පොලිසියෙන් පහර කෑ වවුනතිව් තරුණයින් ගැන පොලීසිය නිහඬ ඇයි ? – පා.ම. රාසමානික්කම් අසයි

Must read

police harassment

පසුගිය 5 වෙනිදා වවුනතිව් ප්‍රදේශයේදී රූබන් නමැති තරුණයෙකුට හා තවත් තරුණයෙකුට පොලිසිය විසින් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ පිළිබඳව ටී.එන්.ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක්කියන් රාසමාණික්කම් විසින් ඊයේ (17) වනදා වවුනතිව් පොලිස් ස්ථානයේ නිලධාරියෙකුගෙන් විමසන ලදි. එහිදී එම නිලධාරියා විසින් පවසා ඇත්තේ ඒ ගැන කිසිවක් කිව නොහැකි බවත් මේ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලබා දිය නොහැකි බවත්ය. වවුනතිව් පොලීසිය විසින් පහරකෑමට ලක්වූ මෙම තරුණයින් බැහැදැකීමෙන් පසු රාසමාණික්කම් මන්ත්‍රීවරයා විසින් මාධ්‍ය වෙත අදහස් දක්වන ලදී.

”සැප්තැම්බර් 05 වෙනිදා සිදු වූ මෙම සිදුවීම පිළිබඳව අද 17 වනදා දක්වා කිසිදු තොරතුරක් පැවසීමට නොහැකි නම් ජනතාව පොලිසිය කෙරෙහි විශ්වාසය තබන්නේ කෙසේද ? අද අපේ දිස්ත්‍රික්කයේ පොලිසියෙන් පහර කෑ තරුණයෙකුට යුක්තිය ඉටු කර ගැනීමට නොහැකි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සිටිති. මේ සම්බන්ධයෙන් ඔවුන් කිසිදු ප්‍රකාශයක් කර නොමැත.

පසුගියදා අනුරාධපුර බන්ධනාගාරයේදී දේශපාලන සිරකරුවන් බිය ගැන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මෙම ආන්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් වචනයක් කීවේ නැත. මේ දෙමළ ජනතාවගේ නියෝජිතයන් ද නැත්නම් ඉඩම් මාෆියාවේ නියෝජිතයන් ද?

වවුනතිව් පොලිස් නිලධාරියා පවසන්නේ මේ සඳහා තමාට පිළිතුරු දිය නොහැකි බවයි. රටේ පාර්ලිමේන්තු නියෝජිතයෙකු අසන විට ඔවුන්ට පිළිතුරක් දිය නොහැකි යැයි පවසනවා නම් ඔවුන් සාමාන්‍ය ජනතාවට ද ඔවුන්ට ඕනැ ලෙස පිළිතුරු දෙනු ඇත. අප දුරකථනයෙන් ඒ පිළිබදව විමසූ විට පොලිසිය පවසන්නේ ඔවුන් හමුවට සෘජුව පැමිණ විමසන ලෙසයි. නමුත් පැමිනි විට ට තොරතුරු කිව නොහැකි බව පවසයි. පොලිසිය මේ ආකාරයට ජනතාවට සැලකීමට පෙළඹුණහොත් තවත් දෙමළ ජනතාවට මෙරට ජීවත් වීමට නොහැකි වනු ඇත.”

එම අවස්ථාවට ටී.එන්.ඒ වවුනතිව් ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාගලිංගම් සහ ටී.එන්.ඒ තරුණ පෙරමුණේ නායක එල්. දීපකරන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article