Monday, May 20, 2024

මට එරෙහිව යන මඩ ප්‍රචාර ඇතැම් කූඨ නිලධාරීන්ගේ කුමන්ත්‍රණයක් – ලොහාන් රත්වත්තේ

Must read

තමාට  එරෙහිව පැතිර යන මඩ ප්‍රචාර කූඨ බන්ධනාගාර නිලධාරීන් පිරිසකගේ  කුමන්ත්‍රණයක් බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබද හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.තමා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට ගිය බව සැබෑවක් නමුත් ප්‍රචාරය වන ආකාරයේ කිසිදු නොහික්මුණු සිද්ධියක් එම ස්ථානවලදී නොවූ බවත්, රූප සුන්දරියක් සමග බන්ධනාගාරයට ගිය බවට පැතිරෙන බොරු ප්‍රචාරය අසත්‍යයක් බවත්, තමා එවැනි කාන්තාවන් ගැන අසා ඇති නමුත් ඇය පෞද්ගලිකව හඳුනන්නේ නැති බවත් රත්වත්තේ මහතා එහිදී සදහන් කර ඇත.

තමාට එරෙහිව මෙසේ මඩ ප්‍රචාර දියත් වන්නේ තමන් විසින් දූෂිත බන්ධනාගාර නිලධාරීන්ගේ සොරකම් සහ ජාවාරම් අල්ලා නීතිය ක්‍රියාත්මක කිරීම නිසාවෙන් බවත් දූෂණ මර්දන වැඩපිළිවෙළ නිසා බොහෝ බන්ධනාගාර නිලධාරීන්ට හොර ජාවාරම් කිරීමට නොහැකිවීමෙන් ඔවුන් තමා සමග උරණව සිටි බවද ඒ මහතා පවසයි.

එතුමා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට ගිය බවත් බන්ධනාගාරවලට නිතර ගොස් ඒවායේ සිර මැදිරි සහ මුළුතැන්ගෙවල් පරීක්ෂා කිරීම තමා පුරුද්දක් ලෙස කරගෙන ගිය බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කර ඇත.

කෙසේ වෙතත් මේ වන විට බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබද හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. ඒ මහතාගේ කරුණ පැහැදිලි කිරීමට අනුව ඒ මහතා කිසිදු අනීතික කටයුත්තක් සිදුකර නොමැති අතර ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ බන්ධනාගාරවල තත්වය සහ  සිරකරුවන්ගේ සුබසාධන කටයුතු  පරික්ෂා කිරීමට වැලිකඩ හා අනුරාධපුර බන්ධානාගාරවලට යාමේ වරදටද ??????

ශ්‍රී ලංකාවේ දේශපාලන නාටක වලසෑබෑ තත්වය මෙයය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article