Thursday, May 2, 2024

දක්ෂිණ අධිවේගයේ අනතුරුකින් එක් අයෙක් මරුට,6කට තුවාල..

Must read

Accident

අද දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහහැතැක්ම පිටවීමට ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.  පොලීසිය පවසන ආකාරයට මෙම අනතුර සිදුවී අැත්තේ මාතර දෙසට ධාවනය වූ වෑන් රථයක් ඒ දෙසටම ගමනකල ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදීයි.  ලොරි රථය ඉස්සර කිරීමට උත්සහ කල වෑන් රථයේ රියදුරුට එය පාලනය කර ගත නොහැකිව පලමුව ලොරි රථයේ ගැටී අනතුරුව මාර්ගය මැද ඇති ආරක්ෂිත වැටේ ගැටී ඇති බවයි වාර්ථා වන්නේ.

සිදුවීමෙන් මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරු වන අතර ඔහු අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයකු බවයි පොලීසිය පවසන්නේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article