Saturday, May 18, 2024

‘තිලීපන්’ සැමරුම වාර්තාකරන්නට ගිය මාධ්‍යවේදීන්ට පොලීසියෙන් බාධා

Must read

(11.15pm) ඉන්දියන් හමුදාව ඉවත්කිරීම  ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් 1987 වසරේ  සැප්තැම්බර් 15 වනදා යාපනයේ නල්ලූර් කෝවිල ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළ  වෛද්‍ය ශිෂ්‍යෙයකුවූ තීලීපන්  සැප්තැම්බර් 26 වනදා උදේ අවසන් හුස්ම හෙලන තෙක්ම සිය උපවාසය අත්නොහරන ලදී. සෑම වර්ෂයකම සැප්තැම්බර් 15 වනදායින් ආරම්භ වන මෙම සිහිකිරීම් කාලය පුරාම උතුරේ ජනයා විවිධාකාරයෙන් තිලීපන් ගේ  සැමරුම සංවිධානය කරනු ලබයි. මෙම වසරේ සැමරුමට කලින්ම යාපනයේ පොලීසිය විසින් ස්මාරකය කඩාදැමූ අතර එය වාර්තා කරන්නට ගිය යාපනයේ මාධ්‍යෙව්දීන්ට ද බාධාකර තිබුණි.  මෙම සිදුවීම 14 වනදා සවස සිදුවී තිබුණ  සැමරුම තහනම් කිරීම වෙනුවෙන් පොලීසිය උසාවි නියෝගයක් ගෙන තිබුණි. 15 වනදා උදේ වනවිට පොලීසිය එම ස්ථානය  වටකර ආරක්ෂාව තරකර තිබුණි. ඊයේ (15 ) වනදා උදේ හිටපු පළාත් සභා මන්ත්‍රී සිවාංජිලිංගම්  එම ස්ථානයට උපහාර දැක්වීම පිනිස පැමින තිබූ අතර ඔහුව පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම අවස්ථාව වාර්තා කරන්නට ගොස් සිටි මාධ්‍යෙව්දීන් 4 දෙනෙකුට පොලීසිය බාධාකර ඇති අතර මෙම මාධ්‍යවේදීන්ව පොලිස් නිලධාරීන් විසින් ඡායාරූපගත කර තිබේ. මෙම ස්ථානයේදී සිය මාධ්‍ය වෘත්තිය සිදුකරන්නට ගිය මාධ්‍යවේදීන්ටගේ හැදුනුම්පත් පොලීසිය විසින් පරීක්ෂා කර ඔවුන්ගේ වෘත්තියට බාධාකර තිබේ.  ‘යාල් තිනකුරල් ‘ ,’ නිවස් ෆස්ට්’ , ‘වීරකේසරී’ ,’ උදයන්’ නියෝජනය කරන යාපනයේ මාධ්‍යෙව්දීන් හට මේ අකාරයට පොලීසිය බාධාකර තිබේ.

1987 දී තිලීපන් විසින් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන විට ඔහුගේ ඉල්ලීම් වී තිබුණේ  , ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සියලුම ද්‍රවිඩයන් නිදහස් කිරීම, පුනරුත්ථාපන මුවාවෙන් දෙමළ ප්‍රදේශවල සිංහල යටත් විජිතකරණය නතර කිරීම, ශ්‍රී ලංකා රජය විසින් ඊසානදිග පළාතේ නව පොලිස් ස්ථාන සහ කඳවුරු විවෘත කිරීම නතර කිරීම,ශ්‍රී ලංකා හමුදාව සහ පොලිසිය දෙමළ ගම්මානවල පාසල්වලින් ඉවත්වීම සහ ශ්‍රී ලංකා රජය විසින් ‘නිවාස ආරක්ෂකයින්ට’ ලබා දුන් ආයුධ ඉන්දීය හමුදාවේ අධීක්ෂණය යටතේ ආපසු ලබා ගැනීම යන ප්‍රධාන කාරණායි.
ඡායාරූප _කාර්තී කම්සන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article