Friday, May 10, 2024

මතින් පුනරුත්ථාපනය වූ තරුණ තරුණියන්ට නැගෙනහිර ආණ්ඩුකාරවයාගෙන් ස්වයං රැකියා

Must read

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය වූ තරුණ තරුණියන් වෙනුවෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා ස්වයං රැකියා වැඩසටහන් දියත් කරයි!

අම්පාර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය වූ තරුණ තරුණියන්ට කුකුළු ගොවිපළ, වඩුමඩු , වෙල්ඩින් වැඩපළ , කිරිගව පාලනය වැනි ස්වයං රැකියා ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ඊයේ (18) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා විසින් රුපියල් 50,000 බැගින් ලබා දෙන ලදී.

අම්පාරේ පිහිටි ආණ්ඩුකාර නිල නිවසේ දී මෙම උත්සවය පැවැත්වුණු අතර අම්පාර දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article