Friday, May 3, 2024

මහනුවරින් පැහැරගත් පාසල් දැරියක් පැය 3කට පසු සොයාගනි

Must read

මහනුවර බහිරවකන්ද ප්‍රදේශයේදී අද (15) උදෑසන 6.45ට පමණ පැහැරගත් පාසල් දැරියක් ඉන් පැය 3කට පමණ පසු මහනුවර ප්‍රදේශයේම පාසලක් ඉදිරිපිට දමා ගොස් සිටියදී හමුවී ඇතැයි වාර්ථා වෙයි.

මෙසේ පැහැරගත් දැරිය මහනුවර ප්‍රසිද්ධ පාසලක සිසුවියක් වන අතර අද උදෑසන 6.45ට පමණ ඇය අසල නිවසක් වෙත යාමට නිවසින් එළියට පැමිණි අවස්ථාවේදී මෙම පැහැරගැනීම සිදුවි ඇත. පසුව දෙමාපියන් විසින් පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

දැරිය පැහැරගත් පිරිස මේ වන තෙක් හදුනාගෙන නොමැති අතර ඇයව මහනුවර ප්‍රදේශය තුල ස්ථාන කිහිපයකට ගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබේ

(adaderana)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article