Tuesday, May 7, 2024

ඕස්ට්‍රෙලියා යන්න හැදු බෝට්ටු ගමන ආරච්චිකට්ටුවෙන් නිමවෙයි !

Must read

399A0274මුන්දලම උඩප්පුවේ සිට ඔස්ට්‍රේලියාව දක්වා ගමන්ගත් බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පසු හලාවත ආරච්චිකට්ටුව  නගුල්එලිය දුපත ආසන්නයට ගොඩගසා තිබේ.

මෙහි පුද්ගලයන් තිස් පහකට ආසන්න සංඛ්‍යාවක් ගමන් ගත් බවට තොරතුරු වාර්තා වන අතර ඉන් පුද්ගලයන් තිස් දෙකක් ඊයේ (30) පස්වරු තුන වනවිට ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙහි සිටි අනික් පුද්ගලයන් සොයා ආරච්චිකට්ටුව පොලිසිය ප්‍රදේශය පුරා විශේෂ සොදිස්සි මෙහෙයුමක් සිදු කරන ලදී.24281680_1912320645687641_779246615_o

පසුගිය 28 වන දින රාත්‍රියේ මේ පිරිස රැගත් ධීවර යාත්‍රාව උඩප්පුව ප්‍රදේශයෙන් පිටත්ව ඇති අතර පෙරේදා හැමු සුළි කුණාටුව හේතුවෙන් බෝට්ටුව අනතුරට ලක් වීමත් සමග බෝට්ටුව අතහැර නියමුවා පැනගොස් තිබේ. පසුව පාලනයකින් තොරවූ බෝට්ටුව නගුල්එළිය දුපත ආසන්නයට ගොඩගසා තිබේ.

මේ බෝට්ටුවේ උඩප්පුව , මුලතිව් ඇතුළු ප්‍රදේශ රැසක පුද්ගලයන් සිටින බව ආරච්චිකට්ටුව පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසීය.
ප්‍රසාද් පුර්ණමාල්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article