Wednesday, May 8, 2024

අයහපත් කාලගුණය නිසා ගාල්ලෙන් ධීවර මරණ 3ක්

Must read

ඊයේ (29) ගාල්ල හා මාතර ප්‍රදේශවලට ඇතිවූ දැඩි සුලං හා වර්ෂාව හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේඛම් කොට්ටාස 18කට අයත් පවුල් 700ක් පත්ව ඇති බව වාර්ථාවෙයි. මෙම පිලිබදව සදහන් වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්ක ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය විසින් දහවල් 1ට පමණ නිකුත් කල වාර්ථාවෙයි.

එලෙස එම ප්‍රදේශයට බලපෑ දැඩි සුළං තත්වය හේතුවෙන් මිය ගිය ධීවරයන් තිදෙනෙකුගේ මලසිරුරු මේ වන විට හමුවී ඇතැයිද ගාල්ල ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන අතර එක් ධීවරයෙකු අනතුරට පත්වීමෙන් පසු හික්කඩුව ප්‍රදේශයට පිහිනාගෙන පැමිණ ඇති බවද වාර්ථා වෙයි. එලෙසම මුහුදු ගොස් නැවත පැමිණීමට නොහැකිව සිටින බහුදින යාත්‍රා දෙකකින්  තමන් බේරා ගන්නා ලෙස පණිවිඩ ලැබී ඇති බවත් ගාල්ල ආපදාකළමණාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කරයි.

ගාල්ලේ රළු වූ මුහුද
ගාල්ල සමුද්‍ර මාවත
ගාල්ල බස් නැවතුම ඉදිරිපිට

 

ඡායාරූප –  දිනිමින

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article