Tuesday, May 7, 2024

මහවැසි අස්සේ අනුරාධපුරයෙන් උණු වතුර වලක් මතුවෙයි.

Must read

අනුරාධපුර තම්මැන්නාකුළම ප්‍රදේශයේ අතුරු මාර්ගයක පිහිටා ඇති නිවසක් ඉදිරිපිට ඇති විදුලි කණුවක් අසලින් අධික ඌෂ්ණත්වයෙන් යුතු ජලය සහිත ජල උල්පතක් මතුවී ඇති බව වාර්ථාවේ. මෙම සිදුවීම වාර්ථා වී අැත්තේ අද (30) දහවල් කාලයේදීයි.

මෙම විදුලි කනුව අනුරාධපුර ගුවන් තොටුපල ප්‍රධාන මාර්ගයේ පොලිස් සේවස්ථ පුහුණු ආයතනයට ආසන්නයෙන් පිහිටි තම්මැන්නාකුළම ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට පිහිටි විදුලි කණුවක් වන අතර එය අසලින් යම්කිසි දෙයක් උඩට නැගෙන ආකාරය අනුරාධපුර උඩමළුව පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා විසින් දැක ඇත. ඉන්පසුව එම ස්ථානය පරික්ෂා කිරීමේදී ඒ මහතාට දැකගැනීමට හැකි වී ඇත්තේ විදුලි කණුව ආසන්නයෙන් මතුවූ ජල උල්පතකින් දුම් දමමින් රත්වූ ජල බුබුළු උඩට වීසිවන ආකාරයයි. අගල් 6කින් පමණ විශ්කම්භයකින් යුතු මෙම වතුර වලෙන් දුම් පිටවමින් පැවත තිබ ඇති අතර එම ස්ථානයට පැමිණි තරුණයෙකු විසින්  එම වතුර වලෙන් විදුලිය උත්පාදනය වන්නේදැයි පරික්ෂා කිරීමේදී එම ස්ථානයෙන් වෝල්ට් 75කින් විදුලියක් නිපදවන බව හෙලිවී ඇත.

බුබුළු දමන උණුවතුර උල්පත

උණුවතුර උල්පත 03

ඡායාරූප –  අනූෂ පෙරේරා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article