Thursday, May 16, 2024

මෙවර වෙසක් දිනය වෙනුවෙන් ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ කාර්‍යාලයේදී සැමරුමක්

Must read

ලොවපුරා වෙසෙන බෞද්ධ ජනතාවගේ වැදගත්ම ආගමීක උත්සවය වශයෙන් සැලකෙන වෙසක් දිනයේදී එය සැමරීමේ උත්සවයක් අැමරිකාවේ නිවයෝර්ක් නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්‍යාලයේදීද පැවැත්විණි. ඒ පසුගිය මැයි මාසයේ 10 වනදායි.නිව්යෝර්ක් හි පිහිටි එකසත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මණ්ඩලය,තායිලන්ත නිත්‍ය නියෝජිත මණ්ඩලය හා එක්ව එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැති මෙම වෙසක් දින සැමරුම සංවිධානය කිරීමට පියවර ගෙන තිබිණි.

මෙම සැමරුම මැයි මස 10වන දින උදෑසන ආරම්භ වූයේ සංඝයාවහන්සේ 53නමකට දානය පිලිගැන්වීමෙනි.ශ්‍රී ලංකාව,තායිලන්තය,මියන්මාරය,නේපාලය,කාම්බෝජය,බංගලාදේශය,මොන්ගෝලියාව හ ජපානය යන රටවල් නියෝජනය කරන සංඝයාවහන්සේලා ඒ අතර විය. එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රොහාන් පෙරේරා,තායි තනාපති විරචායි ප්ලාසෙයි ඇතුළු බංගලාදේශය,නේපාලය,ඉන්දියාව,කාම්බෝජය හා ලාඕසය යන රටව් වල නිත්‍ය නියෝංතියන් හා එම අවස්ථාවට සහභාගී වූ බෞද්ධ රටවල් වල ජේ්‍යෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයන් අතින් එම භික්ෂූන් වහන්සේලාට දානය පිලිගැන්විණි. නිව් ජර්සි බෞද්ධ විහාරයේ පූජ්ය විහාරාධිපතිවන පූජ්‍ය හුන්ගම්පොල සිරිරත්න ස්වාමීන් වහන්සේ හා නිව් යෝර්ක් නගරයේ ස්ටැටන් අයිලන්ඩ් බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය හීන්බුන්නේ කොන්දන්න ස්වාමීන් වහන්සේ මෙම ආගමික වතාවත් පවත්වන ලදී

ලොව ප්‍රධානපෙලේ බෞද්ධ රටවල් සෑමයකම පාහේ නිත්‍ය නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සමුළුවක් එදිනම සවස් යාමයේදී පැවැති අතර එහිදී ඇමරිකාවේ ස්වාමීන්වහන්සේ නමක් වන බික්කු බෝධි ස්වාමීන් වහන්සේ විසින් විද්වත් ධර්ම දේශනයක් පවත්වන ලදී. ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද “දන්නෝ බුදුන්ගේ ” ගීතයට රැස්ව සිටි පිරිසගෙන් විශාල අගය කිරීමක් හිමිවිය.

එලෙසම එම අවස්ථාවට සහභාගී වූ විවිධ රාජ්‍යයන් තමන්ට ආවේනික ආකාරයෙන් වෙසක් දින සැමරුම සමරන ආකාරය පිලිබදව වන ඡායාරූප එකතුවක්ද ඉදිරිපත් කිරීමක්ද සිදුවිය. පසුව එම අවස්ථාවේදී සබාව ඇමතූ රොහාන් පෙරේරා මහතා සදහන් කලේ සාමය හා කරුණාව සම්බන්දයෙන් බුදුන් වහන්සේ විසින් දේශනකල කරුණ වර්ථමාන ලෝකයට ගැලපෙන බවයි.වර්ථමාන ලෝකයේ යථාර්තය තේරුම් ගැනීමට බුද්ධ ඉගැන්වීම් වඩාත් ගැලපෙන බවත් ඒ මහතාගේ අදහස් දැක්වීමේදී ඒ මහතා සදහන් කර ඇත. එලෙස රාජ්‍ය තාන්ත්‍රීක සම්බන්දතාවයන් පවත්වාගෙන යාමේදී සියළුම රාජ්‍යයන් විසින් බුද්ධ ඉගැන්වීම් අනුගමනය කල හොත් අවිශ්වාසය,වෛරය,අාතතීන් මගහරවා ගනිමින් මිනිස් ජීවිත දහස් ගණනක් දුක්විදීමෙන් බේරා ගැනීමට අපට හැකි වන බවත් එ් මහතා සදහන් කලේය.

ඇ1

ඇ2

ඇ3

ඇ4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article