Friday, May 17, 2024

අලුත් ව්‍යවස්ථාව වෙනුවෙන් ගොඩනැගෙන පුළුල් ජනතා එකතුවකට අපිත් දායක වෙනවා

Must read

nimalka
දෙසැම්බර් 10 වැනි දින මානව හිමිකම් දිනය සැමරීම හරහා සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන්ම අධිෂ්ඨාන කරන්නේ විශ්ව මානව හිමිකම් ප්‍රකාශනයේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සියලු රටවල්වල පුරවැසියන්ට ඒ පිළිබඳ බලාපොරාත්තුවක් ඇති කිරීම සහ මානව හිමිකම් උල්ලංඝනය වීම නිසා විවිධාකරයෙන් පීඩනයට පත්ව ඇති වින්දිතයන්ගේ අරගලය ශක්තිමත්ව පෙරට ගැනීම.

දෙසැම්බර් 10 වැනි දින ශ්‍රී ලාංකීය සිවිල් සමාජය’ 2015 ජනවාරි 8 වැනිදා ප්‍රජාතන්ත්‍රවාදයත්, නීතියේ ආධිපත්‍යයත්, ඒකාධිපති වියරුවත් පරාජය කිරීමේ දෙවැනි වසරට ළඟා වීම සමරනවා. මානව හිමිකම් දින සැමරීම සඳහා රටක ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් පැවතිය යුතුයි. 2005 සිට මහින්ද රාජපක්ෂගේ පාලනය එය අපෙන් උදුරාගෙන තිබුණා. නමුත් ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් රට තුළ ස්ථාපිත කිරීම සඳහා මේ වන විට නායකත්වය ලබා දී තිබෙනවා. එය වඩාත්ම ස්ථාවර වන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් බව මම පිළිගන්නවා. අධිකාරීවාදයත්, ජාතිවාදයත්, ආගම්වාදයත් හිස් මුදුනේ තබා ගත් රාජ්‍ය පාලනයක් වෙනුවට අලුත් රටක් බිහි වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයත්, ජාතීන් අතර ඇති වන සමානාත්මතාවයත් හරහා භුක්ති විදින ස්වෛරීභාවය තුළින් පමණයි. රටක ස්වෛරීභාවය රටේ ජනතාවගේ පරමාධිපත්‍ය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සමානාත්මතාවය මුලිකම සිද්ධාන්තයක් ලෙස’ පිළිගැනීම තුළ පමණයි.’ ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩත් සමානාත්මතාවයම විය යුතුයි.

මෙවර දෙසැම්බර් 10 වැනි දින අප රටට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සඳහා අගමැතිතුමා ගෙන ඇති පියවර අගය කරනවා. 1972 සහ 1978 ව්‍යවස්ථා තුළින් අප රට තුළ මතු කළ අර්බුද තේරුම් ගනිමින් 1992 වසරේ පටන් සිවිල් සමාජය දේශපාලන බලවේග සමඟ අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා පියවර ගත් බව සිහිපත් කළ යුතුයි. අලුත් ව්‍යවස්ථාවක් ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය ලැදී මේ රටේ වාසය කරනා සිංහල, දෙමළ, මුස්ලිම් පුරවැසියන්. නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම විදේශ බලවේගයන්ගේ කුමන්ත්‍රණයක් ලෙස ඒකාබද්ධ විපක්ෂයේ ඇතමුන් නගන චෝදනාව අපි හෙළා දැකිය යුතු අතර ඊට එරෙහිව අපි සියලු දෙනා පෙළ ගැසීමද දෙසැම්බර් 10 වැනි දින අපගේ අධිෂ්ථානය විය යුතුයි.

නීතිඥ නිමල්කා ප්‍රනාන්දු
නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කාරිනි
http://www.samabima.com

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article