Friday, May 17, 2024

අනවසර ඉඩම් ගොඩකිරීම් සම්බන්දයෙන් ක්‍රියාත්මක නොවන නිලධාරීන් ඉල්ලා අස්වන්න – ජනපති

Must read

දිවයින පුරා මේ දිනවල ඇතිවී ඇති නියගය තත්වයෙන් පීඩා විදින සියළුම කෘෂිකාර්මික පවුල් වෙත මසකට රු.10,000ක මුදලක් වෙන් කරන ලෙස අදාල නිලධාරීන් වෙත ජනපති පවසා තිබෙනවා. මෙසේ පීඩාවට පත්වී ඇති පවුල් පිලිබදව නිවැරදි තොරතුරු රැස් කිරීම සදහා දිස්ත්‍රික් ලේඛම්වරුන්,ග්‍රාම නිලධාරීවරුන් හා සමෘදි නිලධාරීන්ගෙන් සමන්විත වන කමිටුවක් පත් කරන ලෙස ජනපති දැනුම් දී ඇති අතර එමගින් එක්රැස් කරගන්නා තොරතුරු වලට අදාලව ලබන මාසයේ සිට ආරම්බ වන යල කන්නයේ සිට පවුල් වෙත මෙම මුදල ලබා දීමට බලාපොරොත්තු වන බවයි ජනපති පවසන්නේ.

මේ වන විට නියගයෙන් ඇති වී ඇති තත්වයන් සමාලෝචනය කිරීම සදහා පසුගිය 16 වනදා පැවැති රැස්වීමකදී මේ පිලිබදව ප්‍රකාශ කල ජනපති වැඩි දුරටත් කියා සිටියේ අනවසර ඉඩම් ගොඩකිරීම සම්බන්දයෙන් දිනපතාම ජනතාවගෙන් පැමිණිලි ලැබෙමින් පවතින බවයි. ඒ සදහා අදාල නිලධාරීන් විසින් පියවර ගතයුතු බවත් සදහන් කල ජනපතිතුමන් මෙම පැමිණිලි සම්බන්දයෙන් අදාල නිලධාරීන් තමන්ගේ දැඩි අවදානය යොමුකල යුතු බවත් අවධාරණය කර සිටියේය. එලෙසම තමන්ගේ ධූරයේ වගකීම් ඉටුකරගැනීමට අපොහොසත් නිලධාරින් තමන්ගේ ධූරවලින් ඉල්ලා අස්විය යුතු බවත් අවධාරනය කර සිටියේය.

මේ වන විට නියගයෙන් පීඩා විදිමින් සිටින පිරිස් වෙත අවශ්‍ය වන සහල්,ජලය ප්‍රමාණවත් පරිදි ලබා දීමට නිලධාරීන් නිසි සංවිධානාත්මක වැඩපිලිවෙලක් ගෙන ගිය යුතු බවත් පවසා ඇත.
1d8b411a3ce31189988c79c0435a5bfa_L
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article